එළවලු චීස් වලින් රස කරන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

එළවලු චීස් වලින් රස කරන හැටි

එළවලු චීස් වලින් රස කරන හැටි

චීස් බටර් යොදාගෙන අපි කන සාමාන්‍ය එළවළු රසවත් විදියට හදාගන්න පුළුවන්. මේ ඒ වගේ හදාගන්න පුළුවන් රස රෙසිපි කිහිපයක්.

 

චීස් තැවරූ බඩඉරිඟු

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

• බඩ ඉරිගු කරල් 3

• බටර් මේස හැදි 2

• ගාගත්ත පාර්මසාන් චීස් කෝප්ප ½

• ලුණු පොඩ්ඩක්

• ගම්මිරිස් කුඩු පොඩ්ඩක්


සාදාගන්නා ආකාරය :

 

මුලින්ම අවන් එක 190°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න. අවන් එකට අන්තිමට අපි බඩ ඉරිගු කරල් ටික දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. දැන් බඩ ඉරිගු ටික සුද්ද කරලා කෑලි 6ක් එන විදියට හැම බඩ ඉරිගු කරලම දෙකට කපා ගන්න. ඊට පස්සෙ මේ බඩ ඉරිගු කෑලිවල හොදට බටර් ගාගන්න ඕනෙ. ඒවගේම ඊළගට අපි චීස් ටිකකුත් බඩ ඉරිගු කෑලිවල තවරගන්න ඕනෙ. දැන් කරන්න තියෙන්නෙ අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන මේ බඩ ඉරිගු ටික ඒකේ තියාගන්න. මේ වැඩේට හතරැස් හැඩේ ට්‍රේ එකක් ගත්තොත් ලේසියි. ඊළගට බඩ ඉරිගු උඩින් ලුණු ගම්මිරිස් ටිකක් ඉහ ගෙන කලින් රත්වෙන්න තියපු අවන් එකට දාලා විනාඩි 25ක් විතර බේක් කරගන්න. බේක් වුනාට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්.

 

චීස් තැවරූ බෝංචි

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

• බෝංචි ග්‍රෑම් 450

• බිත්තර 1 බීට් කරගන්න

• පාර්මසාන් චීස් කෝප්ප ¼

• ලුණු තේ හැදි ½

• කුඩු කරගත්ත කජු කෝප්ප 1/2

 

සාදාගන්නා ආකාරය :

 

මුලින්ම අපි බෝංචි ටික හෝදාගන්න ඕනෙ. මේකට බෝංචි කරල් පිටින් ගන්න නිසා බෝංචි කපා ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා බෝංචි වල රේණු ටික ඇරලා හෝදාගත්තම ඇති. ඊළගට ඒ බෝංචි කරල් ටික අරගෙන මුලින්ම බිත්තර වල තවරගන්න ඕනෙ. ඊට පස්සෙ බෝංචි ටික චීස් වල තවරගන්න. අන්තිමට කජු කුඩු වල තවර ගන්න බෝංචි ටික. බෝංචි වේලිච්ච ගතියක් තිබුනොත් විතරක් මේ වෙලාවෙදි බෝංචි වලට තෙල් ටිකක් ඉහ ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් වගේ තියේනම් ගොඩක් හොදයි. තෙත ගතියට තියෙද්දි හදාගත්තොත් තමයි බෝංචි වලට හොද රසයක් ලැබෙන්නෙ. දැන් අවන් එකේ දාන්න පුළුවන් තැටියක් අරන් ඒකට තෙල් කොළයක් දාලා ඒකෙ බෝංචි ටික අහුර ගන්න. බෝංචි කරල් අතරෙ පොඩි ඉඩක් තියන විදියට පිළිවෙළට අහුරගන්න ඕනෙ. ඊට පස්සෙ 225°C වගේ උෂණත්වයට අවන් එකේ බේක් කරගන්න මේ ටික. විනාඩි 10-15 ක් විතර බේක් වුනාට පස්සෙ කෑමට ගන්න පුලුවන් ඔයාලට.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo source : Internet

views

528 Views

Comments

arrow-up