එක එක රස බීම

මේ සූදානම් වෙන්නේ රස බලන්න පුළුවන් රසවත් බීම වර්ග කිහිපයක් හදා ගන්න විදිය ගැන ඔබට කියන්න.
චොකලට් මෝචා
චොකලට් වලින් එක එක විදිහෙ කෑම වර්ග, බීම වර්ග හදන බව ඔබ දන්නවානේ. ඉතින් දැන් මේ හදන්නෙ ඒ වගේ චොකලට් වලින් හදන්න පුලුවන් තවත් එක බීම වර්ගයක් හදන විදිහ කියලා දෙන්න. හරිම ලේසියි මේක හදන්න නම්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය :
• ඩාර්ක් කුකින් චොකලට් 50g
• කිරි කප් ½
• සීනි තේ හැඳි 2
• ක්ශණික කෝපි තේ හැඳි 2
• චොකලට් සිරප් තේ හැන්දක්
• සැරසීමට විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ටිකක්
සාදාගන්නා ආකාරය :
මුලින්ම චොකලට්, කිරි සහ සීනි එක් කර බඳුනක දමා ලිපේ තබා රත් වෙන්න හරින්න. ඉන්පසු කිරි ටික රත් වේගෙන එක කොට චොකලට් දිය වෙන තුරු හැඳි ගාමින් මිශ්‍ර කරගන්න. ඒ වගේම මේක මදගින්නේ තියෙන්න ඕනෙ. චොකලට් සහ සීනි ටික හොදට දිය වුන පසු ලිපෙන් ඉවත් කර කෝපි සහ චොකලට් සිරප් එක් කර කෝප්ප වලට දමා උඩින් විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ඉස සරසාගෙන මදක් සරසාගෙන පිලිගන්වන්න. කුකින් චොකලට්, ක්ශණික කෝපි, චොකලට් සිරප් සහ විප්ඩ් ක්‍රීම් වගේ දේවල් සුපර් මාකට් වල ගන්න තියෙනවා.
ඇඹරැල්ලා ට්විස්ට්
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ඇඹරැල්ලා ට්විස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. පැණි චුට්ටකුත් දාලා හදන හින්දා මේක හරිම රසවත් පානයක් කියලා නම් කියන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය :
• හොඳින් මේරූ ඇඹරැල්ලා ගෙඩි 02 ක්
• ඉගුරු
• ලුණු
• සීනි
• දෙහි යුෂ
• පැණි
• මින්චි කොළ කිහිපයක්
• වතුර
සාදන ආකාරය :
මුලින්ම පොත්ත ඉවත් කරලා සුද්ද කරගත්ත ඇඹරැල්ලා ටික කැලි වලට කපාගෙන බ්ලෙන්ඩරකයට දමාගන්න ඕනෙ. ඊටපස්සෙ ඒකටම වතුරයි, සීනියි, ලුණුයි, දෙහි යුෂයි, ඉගුරු ටිකයි දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ. ඊට පස්සෙ පැණි ටික දාලා ආයෙත් චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ. ඊට පස්සෙ පිලිගන්වන්න තමයි තියෙන්නෙ. පිළිගන්වන්න කලින් වීදුරු වලට දැම්මට පස්සෙ මින්චි කොළ වලින් පොඩ්ඩක් සරසා ගන්නත් අමතක කරන්න එපා. කැමතින්ම අයිස් කැට චුට්ටකුත් දාන්න පුලුවන්. ඉතින් මේ වගේ වෙනස් විදිහට විවිධ බීම වර්ග සකස් කරලා රස බලන්න උත්සහ කරන්න. ගෙදර හදන නිසා සෞඛ්‍යාරක්ෂිත බව ගැනත් ගැනත් බය වෙන්න දෙයක් නැහැ.
By Dilki Samani
Photo Source : Internet
947 Views
Comments