ඉතාලි ෆැකේෂියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ඉතාලි ෆැකේෂියා

ඉතාලි ෆැකේෂියා

හවස තේ බොන වෙලාවට ඔයාලට කෑමට ගන්න පුලුවන් පොඩි කෑමක් හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. මේක ඉතාලි කෑමක්. "Focaccia" කියලා තමයි මේවට කියන්නෙ.

 

අවශ්‍ය දේවල් :

 

• සුදු සීනි තේ හෑන්දක්

• ඔලිව් ඔයිල් තේ හෑදි දෙකක් සහ අවශ්‍ය වූ විට ගැනීමට තවත් ඔලිව් ඔයිල්

• වියලි ඊස්ට් 7g වගේ ප්‍රමාණයක්

• ලුණු තේ හැදි ¼

• පිටි කෝප්ප 2

• හොදින් උණු කර ගත් උණු වතුර කෝප්ප 1/3

 

සාදාගන්නා ආකාරය :

 

 

මුලින්ම පොඩි භජනයක් අරගෙන ඒකට උණු වතුර ටික දාලා සීනි සහ ඊස්ට් ටික ඒකටම දාලා දිය වෙන්න පැත්තකින් තියන්න විනඩි 10ක් විතර. ඊටපස්සෙ ගන්න ලොකු භජනයක්. ඒකට පිටි ටික දාලා අපි ඉස්සරවෙලා මිශ්‍ර කර ගත්ත ඊස්ට් සහ සීනි මිශ්‍රනය දාලා හොදට කවලම් කරගන්න. මිශ්‍ර කරගන්න වතුර ගතිය මදි වගේ කියලා හිතෙනවානම් තව වතුර ටිකක් එකතු කර ගන්න. දැන් මේ පිටි මිශ්‍රනය හොද පදමට අනා ගන්න ඕන. ඒ කියන්නෙ පිටි ගුලිය අනනකොට අපේ අතේ ගැවෙන්නෙ නැති වෙන්න ඕන. අන්න එතකොටයි අපි දැන ගන්නේ දැන් හොද පදමට ඇවිත් කියලා. දැන් ඔලිව් ඔයිල් ටික අරගෙන පදමට අනාගත්ත පිටි ගුලිය වටේට හොදින් ගාන්න. ඊටපස්සේ පොඩි තෙත රෙදි කැල්ලක් අරගෙන පිටි ගුලිය වැහෙන්න දාන්න. රෙදි කැල්ලෙන් වහගත්තට පස්සෙ සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ පිටි ගුලිය තිබ්බනම් ඇති. එතකොට පිටි ගුලිය පිපිලා එනවා. මතක ඇතුව මේ කාලය අතරතුරේදි අවන් එක රත්වෙන්න තියන්න ඕන.

 

අවන් එක 475°F/ 245°C උෂ්ණත්වයට රත් වෙන්න දාගන්න. අවන් එකට අන්තිමට අපි දැන් මේ හදාගෙන යන "ෆොකෑෂියා" එක දාලා බේක් කරගන්න කන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. විනාඩි 30කින් බලනකොට ඒ පිටි ගුලිය තිබුනා වගේ දෙගුනයක් වෙලා තියෙයි ඔන්න. දැන් ඒ පිටි ගුලිය තෙල් කොලයක් උඩින් තියලා තුනී කරගන්න ඔයාට කැමති ඝනකමකට. තුනී කරගත්තට පස්සෙ ඇගිලි වලින් පිටි ගුලිය පුරාවටම ඇනගන්න ඕනෙ. ගැඹුරටම ඇනගන්න. මෙහෙම ඇගිලි වලින් ගදාගත්ත වලවල් තමයි "ෆොකෑෂියා" එකේ උඩ වලවල් වගේ දකින්න තියෙන්නෙ. ඊට පස්සෙ ඒ උඩින් ආයෙ ඔලිව් ඔයිල් ටිකක් ගාගන්න. කැමති තරමකට ලුණු ඉහගෙන කලින් රත්වෙන්න තියපු අවන් එකට දාගන්න. අවන් එකට දාලා විනාඩි 10ක් 20ක් යනකොට ෆැකැශියා එක බේක් වෙලා එනවා ගානට. හොදින් මතක තියා ගන්න ඕන ඔයාලා කැමති මෘදු විදිහට "ෆොකෑෂියා" එක කන්න නම් විනඩි 10කින් අවන් එකෙන් එලියට ගන්න "ෆොකෑෂියා" එක. එහෙම නැත්නම් ඔය කැමති කරස් කරස් ගාලා හැපෙන වියලි විදිහටනම් විනඩි 20කට පස්සෙ අවන් එකෙන් එලියට ගන්න.

 

 

 

 

 

 

 

 

By Dilki Shamani

Photo Source : Internet

views

469 Views

Comments

arrow-up