ආටා පිටි පිට්ටු

ඉතාමත් කෙටි කාලයකින් සකස් කර ගත හැකි එවගේම පෝෂදායී රෙසපියක් අදත් අපි ඔබ වෙතට අරගෙන ආවා කළමණා 03 කින් මේ පිට්ටුව සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මෙය සෑදීම ඉතාමත්ම පහසුයි.
ආටා පිටි ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට විවිධ වූ වාසි ලැබේ. එයින් ආහාර ජීරණ පද්ධතිය ක්‍රමවත් වීම, කාන්තාවන්ට ඇතිවන පියයුරු පිළිකා අවම කිරීම, මානසික සෞඛ්‍යය වර්ධනය, ආඝාත තත්වයන් අවම කිරීම, ශරීරයේ අනවශ්‍ය මේද දහනයට උපකාරී වන අතරම ශරීරයේ බර මනාව පවත්වාගෙන යන්නටත්, ඇස්වල පෙනීම වර්ධනය හා හිසකෙස් වලට ඇති වන හානි වළක්වා ගන්නටත්, දිදුලන සමක් ලබා ගැනීමටත් මේ ආටා පිටි වල ඇති පෝෂණ ගුණය උපකාරී වනවා.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ආටා පිටි කෝප්ප 1 1/2 ක්
- සිහින්ව ගාගත් පොල් මේස හැඳි 03 ක්
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
සාදන ආකාරය,
භාජනයක් ගෙන අඩු ගින්දරේ ලිප තබා විනාඩි 05 ක් පමණ ආටා පිටි ටික බැදගන්න. ලිපෙන් බාගෙන මද රස්නෙන් තිබියදී එයට ලුණු හා ජලය ස්වල්පය බැගින් දමමින් කුඩා කොටස් එක්ව කැඩෙන තුරු කලවම් කරන්න. ( අප සාමාන්‍ය පිට්ටුවක් මූලිකව සකස් කරන ආකාරයටම )
දැන් මෙම මල් කරගත් ආටා පිටි මිශ්‍රණය සිහින්ව ගාගත් පොල් ටික දමමින් නැවතත් හොඳින් කලවම් කර ගනිමින් පිට්ටු බම්බුවක් ආධාරයෙන් තම්බා ගන්න. හොඳින් තැම්බී ඇති පිට්ටු දීසියකට දමා ඔබ කැමති ඕනෑම හොද්දක් සමඟ ආහාරයට ගැනීමට පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
874 Views
Comments