ඕට්ස් රස රෙසිපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

ඕට්ස් රස රෙසිපි

ඕට්ස් රස රෙසිපි

ඕට්ස් කියන්නේ සෞඛ්‍යයට හිතකර ඉතාම ගුණදායී ආහාරයක්. එය නිතර ආහාරයට ගැනීම තුළින් රුධිරගත අහිතකර කොලෙස්ට්‍රෝල් කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉන් අධි රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයන් පාලනය කරගන්න කරගන්න හැකියාව ලැබෙනවා. නමුත් ටිකක් රලු ආහාරයක් විදියට සැලකෙන ඕට්ස් හදන ක්‍රමය ටිකක් වෙනස් කළොත් හැමදාම වුණත් ඔබ ඕට්ස් රස බලාවි.

*ඕට්ස් වලින් රසවත් කුකීස්
උදේ හවස තේ පානයේදී මේ රසවත් කුකීස් ඕට්ස් වලින් හදාගන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*ඕට්ස් කප් දෙකක්
* පාන්පිටි කප් තුන්කාලක්
* බේකින් සෝඩා හැදි බාගයක්
* බිත්තර එකක්
* ගෝල්ඩන් සිරප් කප් බාගයක්
*ලුණු තේ හැදි කාලක්
* වැනිලා තේ හැදි එකක්
* බටර් මේස හැඳි දෙකක්
*දුඹුරු සීනි කප් තුන්කාලක්
*ලුණු තේ හැදි කාලක්
* වියලි මිදි ටිකක්
*වතුර ස්වල්පයක්
මුලින්ම බඳුනක් ගෙන බේකින් සෝඩා ලුණු පිටි එක්කර හොඳින් මිශ්‍ර කර ගත යුතු වෙනවා. ඉන්පසු බටර් සීනි වැනිලා සහ බිත්තර වෙනත් බදුනකට දමා හොදින් මිශ්‍ර කර එයට ගෝල්ඩන් සිරප් සහ වතුර එක්කර පිටි මිශ්‍රණයට ඕට්ස් සහ වියළි මිදි එකතු කරන්න. මෙය ශීතකරණයේ විනාඩි පහළොවක් විස්සක් තබා බටර් තවරා ගත් ඔයිල් පේපර් එකක් සාමාන්‍ය විදියට කුකීස් හදන්න ගන්න ස්කූප් එකකින් ටික ටික දමා සෙල්සියස් අංශක 180 රත් කන ලද උදුනක විනාඩි පහළොවක් විස්සක් බේක් කරගත යුතු වෙනවා.

 

 

 


ඉන්දියන් ඕට්ස් උප්මා
ටිකක් සැරට කන්න කැමති අයට ඕට්ස් වලින් මේ ඉන්දියන් රෙසිපි එක හදන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*බිත්තර එකක්
*ඕට්ස් කප් එකක්
* තලාගත් ඉගුරු සුදු ලුනු තේ හැඳි එක බැගින්
*සූදුරු තේ හැඳි කාලක්
*චොප් කරගත් අමු මිරිස්
*මිරිස් කුඩු තේ හැදි කාලක්
* ලුණු රස අනුව
*චොප් කරගත් ලූණු සහ කැරට්
*දෙහි යුෂ තේ හැන්දක්
භාජනයක් ලිප තබා එය රත්වන විට ඊට සූදුරු ඉඟුරු සුදුලූණු අමු මිරිස් එළවළු එක්ක තෙම්පරාදු කර ගෙන එයට මිරිස් එක් කළ යුතු වෙනවා. එළවළු තැම්බීගෙන එන විට එයට සෝදා දිය බේරාගත් ඕට්ස් එක් කර රස අනුව ලුණු සහ කරපිංචා එක්කර මිශ්‍රකරගන්න. යන්තම් වතුර මේස හැදි තුන හතරක් උඩින් ඉස හොඳින් තැම්බෙන්න තියන්න. වතුර ගතිය හිදුණු පසු එයට බිත්තර එක්කර වැඩි ගින්දරේ ඉක්මනින් කලවම් කරගන්න. අවසානයේ දෙහි ටිකක් දමා මිශ්‍ර කරගන්න

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

843 Views

Comments

arrow-up