රස මවන තක්කාලි රෙසිපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

රස මවන තක්කාලි රෙසිපි

රස මවන තක්කාලි රෙසිපි

තක්කාලි කියන්නේ බොහොම ගුණ විටමින් සී අධික පලතුරක්. ඒ වගේම මෙය රසවත්ව පිසගත්විට එළවළුවක් ලෙසත් අපිට ආහාරයට ගන්න පුළුවන්. තක්කාලි නිතර ආහාරයට ගැනීමෙන් සිරුරට ආහාර මඟින් එකතු වන යකඩ ප්‍රමාණය හොඳින් අවශෝෂණය කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙනවා. තක්කාලි විවිධ ආකාරයට රසබලන්න පුළුවන්. මේ සූදානම් වෙන්නේ තක්කාලි වලින් සකස් කර ගන්න පුළුවන් රස රෙසිපි කීපයක් කියන්න.

ඉරිඟු සමග තක්කාලි සුප්

නිවසේ සියලුදෙනාම එකට සිටින මොහොතක ඒ සතුට සමරන්න විශේෂ කෑමක් සකස් කරන්න පුළුවන්. ඒ සඳහා සුප් එක කියන්නේ කදිම තේරීමක්. මේ රසවත් තක්කාලි සුප් එක සකස් කරන්න අවශ්‍ය වෙන්නේ
*තම්බාගත් ඉරිඟු කරල් දෙකක්
*ලොකු ලූනු ගෙඩි එකක්
*බෙල්පෙපර් කරල් දෙකක්
*බටර් මේස හැඳි හයක්
*සීනි තේ හැඳි දෙකක්
*ගම්මිරිස් හෝ මිරිස් කුඩු තේ හැඳි එකක් *තක්කාලි ගෙඩි දෙකක්
*රස අනුව ලුණු

සාදන ක්‍රමය
ඉරිඟු තම්බා එහි ඇට ගලවා ගන්න. ලොකු ළූණු සිහින්ව ලියා ගන්න. ග්‍රීන් බෙල් පෙපර් කැබලි වලට කපාගන්න. දැන් මේ සියල්ල එකට දමා එයට බටර් සීනි මිරිස් කුඩූ ලුණූ එක්කර සෑහෙන ප්‍රමාණයකට වතුර දමා ලිපතබා තැම්බෙන්න අරින්න.ලිපෙන් බාන්න විනාඩි 5කට විතර කලින් තක්කාලි ටික එකතු කරගන්න. ඉරිඟු ටින් භාවිතා කරන්නේ නම් බටර් යෙදිය යුත්තේ ඉතාම අඩුවෙන්.

 

 

 


පුරවා ගත් තක්කාලි

කෑම මේසෙට අලංකාරයක් එකතු කරන්න පුළුවන් පුරවා ගත් තක්කාලි කියන්නේ හොඳම විසඳුමක්. එය සාදන්නේ මෙහෙමයි. ඊට අවශ්‍ය ද්‍රව්‍ය
*මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි හතරක් *කපාගත් ලොකු ලූණු ගෙඩියක්
* කපා ගත් අමුමිරිස් කරල් දෙකක්
*මයෝනිස් සෝස් මේස හැඳි දෙකක් *තම්බාගත් බිත්තර හතරක්
*කැමතිනම් ඇඹරැල්ලා චට්නි මේස හැදි එකක්
*සැරසීම සඳහා සලාද කොළ

සාදන ක්‍රමය
තම්බාගත් බිත්තර හතරට ළුණු අමුමිරිස් මයෝනිස් සෝස් ලුණු ගම්මිරිස් ඇඹරැල්ලා චට්නි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු තක්කාලි ගෙඩිය සිටුවා තැබිය හැකි ආකාරයට යටින් පෙත්තක් ඉවත් කරන්න. තක්කාලි ගෙඩිය ඉහළින් පෙත්තක් කපා මදය කොටස පරිස්සමෙන් ඉවත් කරන්න. එහි ඇතුලට කලින් සකස් කරගත් මිශ්‍රණය පුරවා ගන්න. කපා ඉවත් කල තක්කාලි පියනෙන් එය වසන්න. ඉන්පසු සරසා ගත් තක්කාලි සලාද කොළ වලින් වසා කෑම මේසයට යවන්න. මෙය කෑම මේසය සරසන ලස්සන සැරසිල්ලක් වගේම රසවත් සලාදයක් වේවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

676 Views

Comments

arrow-up