ඉන්දියන් කෑම වේලක් රස බලමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ඉන්දියන් කෑම වේලක් රස බලමු

ඉන්දියන් කෑම වේලක් රස බලමු

මේ කියන්න සුදානම් වෙන්නේ ඉන්දියන් ක්‍රමයට සම්පූර්ණ ආහාර වේලක් සකස් කර කර ගන්න විදිහ ගැන. මුලින්ම අපි ගී රයිස් එකක් හදමු. මීට අවශ්‍ය වෙන්නේ
*සම්බා හො කීරි සම්බා කෝප්ප හයක් *එළඟිතෙල් මේස හැදි 4ක්
*කරපිංචා ටිකක්
*කරදමුංගු 4
* කරාබු නැටි 5ක්
* රම්පේ කැබැල්ලක්
*කුකුළු මස් රසැති සීසනින් පවුඩර් මේස හැඳි හතරක්
*රතුළූනු අහුරක්
*කුරුදු පොතු ටිකක්
* කොත්තමල්ලි කොල ටිකක්

සකස් කරගන්නා ආකාරය
පළමුවෙන්ම සහල් සෝදා ලුණු මිශ්‍ර කර බත පිසගන්න. බත් ඇට එකට නොඇලිය යුතුයි. දැන් පෑන් එක රත් වෙන්න තබා එයට ගිතෙල් මේස හැදි 4ක් දමන්න. රත් වූ පසු කරපිංචා කරදමුංගු කරාබු නැටි ලුණු සහ කුරුඳු පොතු එක් කර තෙම්පරාදු කරන්න. දැන් මෙයට පිසගත් බත් මිශ්‍රණය එක් කරන්න. ඉන්පසු සීසනින් පවුඩර් එකතු කරන්න. සීසනින් පවුඩර් නැත්නම් සුප් කැටයකුත් එකතු කරන්න පුළුවන්. ඉන්පසු ලිප නිවා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ එක් කර හොඳින් කලවම් කරන්න. දැන් සුදුසු දීසියකට බෙදා කෑම මේසෙට ගෙන යන්න.

 

 

 


ඒ රසවත් ගී රයිස් එක රස බලන්න මිංචි කොළ සම්බෝලයක් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය
* මිංචි කොළ අහුරක්
*පොල් බෑයක පොල්
*ලොකු ලූණු ගෙඩියක්
*සුදුළූණු බික් තුනක්
*අබ ඇට ස්වල්පයක්
*කරපිංචා කොළ අහුරක්
*එළවළු තෙල් මේස හැදි දෙකක්
*ලුණු ස්වල්පයක්
*දෙහි යුෂ

සාදන ක්‍රමය
ගාගත් පොල් මිංචි කොළ ලියා ගත් ලොකු ලූනු ලියා ගත් සුදුළූණු ලුණු වතුර කෝප්ප කාලක් බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. දැන් තාච්චියක් ලිප තබා එයට එළවළු තෙල් මේස හැදි දෙකක් දමන්න. රත් වූ පසු කරපිංචා අබ ඇට දමන්න. මෙයට බැදීගෙන එනවිට ග්‍රයින්ඩ් කර ගත් මින්චි සම්බෝලය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. නිවා දෙහි යුෂ එකතු කරන්න. දැන් ලුණු ඇඹුල් බලා කෑම මේසෙට අරින්න.

චිකන් මසාලා එකකුත් හදමු. ඊට අවශ්‍ය වෙන්නේ
* කුකුල් මස් කිලෝ ග්‍රෑම් එකක්
* සුදු ළූණු මේස හැදි තුනක්
*කරපිංචා ඉති දෙකක්
* මිරිස් කුඩු මේස හැදි තුනක්
*කහ කුඩු තේ හැදි භාගයක්
* චිකන් මසාලා මේස හැදි දෙකක්
* මිංචි කොළ අහුරක්
*කොත්තමල්ලි කොළ අහුරක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
*ලොකු ලූණු ගෙඩියක්
*තක්කාලි ගෙඩියක්
*පොල් කිරි කෝප්ප දෙකක්
*වියලි කජු අහුරක් කුඩු කරගෙන
*මී කිරි මේස හැඳි හතරක්
*එලගි තෙල් මේස හැඳි දෙකක්
*සියඹලා යුෂ මේස හැඳි හතරක්
*ලුණු

සාදන ක්‍රමය
චිකන් සෝදා කැබලි කර එයට කහ මිරිස් කුඩු ගම්මිරිස් සියඹලා යුෂ එකතු කර හොඳින් ඉන්පසු පැය දෙකක් පමණ තිබෙන්න හරින්න. මේ මිශ්‍රණය ශීතකරණයේ තැබිය යුතුයි. බඳුනක් ලිප තබා එයට තෙල් ටිකක් දමන්න. රත් වූ පසු ලූනු කරපිංචා ඉන්පසු මස් ටික තෙම්පරාදුවට එකතු කර ටිකක් වසා දමන්න. චිකන් ප්‍රමාණයට වතුර ඇඟිලි පුරුක් දෙකට වඩා උසට වතුර දමන්න. බ්ලෙන්ඩරයට ඉගුරු සුදුලූනු ගරම් මසාලා චිකන් ඉවත්කර මින්චි කොල කොළ නැටි සහිත කොත්තමල්ලි කොළ අමු මිරිස් තක්කාලි මී කිරි එකතු කර වතුර කෝප්ප දෙකක් දමා බ්ලෙන්ඩ් කරගන්න. මස් ටික තැම්බුනාට පසු තරමක් ඉස්ම තිබියදී බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය එයට එකතු කර ඉන්පසු පොල් කිරි කෝප්ප දෙකක් දමා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉස්ම හින්දවා ගන්න.

මේ රස ඉන්දියානු ආහාර වේල ඔබත් රස බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

779 Views

Comments

arrow-up