සෝයා වලින් එක එක කරි

සෝයා කජු බැදුම
පවුලේ කවුරුත් බැදුම් කන්න හරි ආසයි. සොයා රටකජු සහ ලූණු එක්කර රස බැදුමක් සකස් කර ගන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*සෝයා ග්‍රෑම් 100
*කජු ග්‍රෑම් 50
*ලොකු ලූනු ගෙඩි දෙකක්
*මාළු මිරිස් කරල් දෙක තුනක්
*තෙල් මේස හැඳි එකක්
* චිලි පේස්ට් මේස හැඳි එකක්
*තක්කාලි සෝස් මේස හැඳි එකක්
*සෝයා සෝස් මේස හැඳි එකක්
සාදන ක්‍රමය
සෝයාමීට් රටකජු ගැඹුරු තෙලේ බැද ගෙන පසෙකින් තබාගන්න. තෙල් ටිකක් ලිප තබා රත් වූ පසු ලියා ගත් ලොකු ලූනු මාළු මිරිස් දමා බැදගෙන ඉන්පසුව එයට කෑලි මිරිස් ලුණූ තක්කාලි සෝස් සෝයා සෝස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසුව බැදගත් සෝයා සහ රටකජු එක් කර හොඳින් කලවම් කර ලිපෙන් බා සංග්‍රහයට ගන්න.
හතු සොයා මිශ්‍ර කජු කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
*හතු පැකට් එකක්
*සොයා පැකට් එකක්
*කජු ග්‍රෑම් 50ක්
* බැදගත් තුනපහ කුඩු මේස හැඳි දෙක තුනක්
*මිරිස් කුඩු මේස හැඳි එකක්
*ලුණු සියඹලා ටිකක්
*අමුමිරිස් කරල් දෙක තුනක්
*ලොකු ලූණු ගෙඩියක්
*රම්පෙ කරපිංචා
*සේර
*පොල් කිරි කෝප්ප එකහමාරක්
*ඉඟුරු සුදු ළූණු මේස හැඳි එකක්
සකස් කරන ආකාරය
හතු සහ සෝයා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. තෙල් ටික රත් කර රත්වෙන තබා එයට සේර රම්පෙ කරපිංචා ඉඟුරු සුදු ළූණු දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු එයට බැදගත් රතු සෝයාමීට් තුනපහ මිරිස් කුඩු ලුණු සහ සියඹලා එකතු කරමින් පසුව කජු සහ පොල්කිරි එක්කර මදගින්නේ හිඳෙන තුරු හොඳින් පිසගන්න.
සෝයා මිශ්‍ර අන්නාසි අච්චාරු
අච්චාරු කියන්නේ වැඩි දෙනෙක් කැමති දෙයක්. නමුත් සෝයාමීට් එක්කර රස අච්චාරුවක් සකස් කර ගන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ
*බැදගත් සෝයා ග්‍රෑම් සීයක්
*අන්නාසි ගෙඩි බාගයක්
*ලොකු ළූනු ග්‍රෑම් සීයක්
*අමුමිරිස් කරල් හත අටක්
*විනාකිරි කෝප්ප බාගයක්
*අඹරාගත් අබ මේස හැඳි එකක්
*සීනි මේස හැඳි දෙක තුනක්
*මිරිස් කුඩු මේස හැදි එකක්
*ලුණු කුඩු කහ කුඩු ස්වල්පයක්
* සුදුළූණු අමු ඉඟුරු මේස හැදි එකක්
සාදන්නේ මෙහෙමයි
සෝයා ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඒ තෙල්වලින්ම අන්නාසි ලොකු ළුණු අමුමිරිස් යන්තම් බැදගන්න. විනාකිරි අබ මිරිස් කුඩු සීනි ලුණු කහ මිශ්‍ර කරන්න බදුනකට තෙල් මේස හැදි 2ක් දමා රත් කරන්න. එයට ඉඟුරු සූදුළුෑනූ දමා යන්තමින් බැද විනාකිරි මිශ්‍රණයට එකතු කරන්න. එය උතුරන විට සෝයා ලොකු ළුණු අමුමිරිස් සහ අන්නාසි මිශ්‍ර කර හොඳින් කලවම් කර ලිපෙන් බා සංග්‍රහයට යොදා ගන්න.
by Dilki shamani
Photo Source: Internet
748 Views
Comments