ගෙදර හදන මෙක්සිකන් ටෝටීයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

ගෙදර හදන මෙක්සිකන් ටෝටීයා

ගෙදර හදන මෙක්සිකන් ටෝටීයා

මෙක්සිකන් ටෝටීයා

මෙක්සිකන් ක්‍රමයට හදපු කෑම ලොව පුරා ජනතාව අතර හරිම ප්‍රසිද්ධයි. හැම රටකටම වගේ මෙක්සිකානුවන්ටත් ආවේණික ආහාර වට්ටෝරු සහ රසකාරක වර්ග තියෙනවා. ඔවුන් අතර හරිම ප්‍රසිද්ධ කෑමක් තමයි මෙක්සිකන් ටෝටීයා කියන්නේ. මොනවාද මේ ටෝටීයා? නම කියද්දි රොටි වර්ගයක් වගේ හිතෙනවා වගේම බොහොම රසවත් මෙක්සිකන් ෆ්ලැට් බ්‍රේඩ් වර්ගයක් තමයි මේ ටෝටීයා කියන්නේ. ඒ වගේම මේවා බොහෝ මෙක්සිකන් කෑම වර්ග හදන්න ප්‍රයෝජනයට ගන්නවා. කැසඩීයා, බරීටෝ, ටෝටීයා රැප් වැනි නොයෙකුත් නම් වලින් හඳුන්වන රසවත් මෙක්සිකන් ආහාර වර්ග සාදාගන්න අත්‍යාවශ්‍යම දෙයක් තමයි මේ ටෝටීයා කියන්නේ. දැන් බලමු එහෙනම් මේ ටෝටීයා හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
පාන් පිටි කප් 1 ½
තෙල් මේස හැඳි 2 (මීට පොල් තෙල් හෝ එළවළු තෙල් යොදා ගන්න පුළුවන්)
මඳ උණුසුම් වතුර කප් ¾
ලුණු තේ හැඳි 1/2ක්

 

 

 


සාදාගන්නා ආකාරය:
තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු සහ තෙල් දමා ගන්න. වරකට සුළු ප්‍රමාණය බැගින් වතුර එකතු කරමින් පිටි මිශ්‍රණය හොඳින් අනාගන්න. අතේ නොඇලෙන පිටිබෝලයක් ලැබෙන සේ විනාඩි 5ක් පමණ හොඳින් අනන්න. හොඳින් ඇනූ පිටි බෝලය විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න. විනාඩි 10ක් ගතවූ පසු, පිටි බෝලය දිග අතට රෝල්කර කොටස් 4කට කඩාගන්න. පිටි කොටස් 4 හොඳින් බෝල කරගන්න.
මේසය මතට පිටි ටිකක් ඉස පිටි බෝලය ඒ මතට ගෙන රෝලින් පින් එකක් හෝ වතුර පිරවූ වීදුරු බෝතලයක් ආධාරයෙන් හොඳින් රෝල් කරගන්න. රත් කළ තැටියක් මත බටර් තවරා ගන්න. දැන් තුනී කරගත් ටෝටීයා එක තැටිය මතට දමන්න. එක් පැත්තක් හොඳින් තැම්බුනු පසු අනෙක් පැත්ත දමා හොඳින් පුළුස්සා ගන්න. මෙලෙසම අනෙක් ටෝටීයා 3ත් හදාගන්න ඕන.
මෙක්සිකන් ටෝටීයා හරියට අපේ රටේ ඉන්දියාවේ ආයෙ රස බලන පරාටා එක වගෙයි. හැබැයි අය මේවා යොදා යොදාගෙන සකස් කරන ආහාර විවිධයි. ඉතින් මේ මෙක්සිකන් ටෝටීයා යොදාගෙන තවත් මෙක්සිකන් කෑම ගොඩක් සකස් කරන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

529 Views

Comments

arrow-up