ගුණය වඩවන උදේ ආහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

ගුණය වඩවන උදේ ආහාර

ගුණය වඩවන උදේ ආහාර

ඔබගේ එදිනෙදා පෝෂණ ගැටළු වලට බෙහෙත් වර්ග ගන්න එපා. ස්වාභාවිකව හදන මේ කෑම වර්ග දෙකම ඔබත් හදලා බලන්න. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ලොකු කුඩා ඔනෑම කෙනෙක්ට මෙම ආහාර වර්ග දෙක වෙනසකටත් එක්ක මේ වෙනස්ම කිරිබත් හදලා දෙන්න.

මෙය බර අඩු අයට මෙන්ම නිරෝගීව ඉන්න කැමති ඕනෑම කෙනෙකුට හොඳ උදේ ආහාර වේලක් කියලා කියන්න පුළුවන්.

අවශ්‍ය දෑ,

රතු හාල් මිටක් පමණ කුරක්කන් පිටි මේස හැඳි 6ක් පොල්කිරි කෝප්ප 2ක්
එන්සාල් ඇට 2ක්

සාදන ආකාරය,

හාල් ටිකට වතුර වැඩියෙන් දමාගෙන කිරිබතට මෙන් බෙරිවෙන ගාණට උයාගන්න. පොල්කිරි එකට කුරක්කන් පිටි ටික දමමින් හොදින් දියකරගන්න.

එනසාල් ටිකත් එකතු කරගන්න. හොඳට බෙරි වෙන්න උයාගත් බත් එකට පොල්කිරි එක කලවම් කරගන්න. ලිප අඩු කරලා හොඳට හැඳිගාන්න. රස බලලා ලුණු දාගන්න.

උතුරගෙන එනකොට ලිපෙන් බාගන්න. හොඳට හැඳිගාන්න ඕන මොකද මේක කැටි ගැහෙන්න බලන නිසා. පැණි රසට ආස නම් සීනි ටිකකුත් එකතු කරගන්න.

 

 

 


මේවා කටු පිටින් ගිල්ලවන්න ඕනේ අයත් ඉන්නවා නම්, මේ පැත්තට ආවට කමක් නෑ ඔන්න...

අවශ්‍ය දෑ,
හොදින් පැහුණු කොහිල අලයක්
සුදු කැකුළු හාල් මිටක් සුදුළූණු බික් 4-5
පොල්කිරි කෝප්ප 2
රස අනුව ලුණු

සාදන ආකාරය,

හාල් ටික හොදින් සෝදාගෙන වතුර ටිකක් දලා තැම්බෙන්න තියන්න. ඒකට සිහින්ව කපාගත් සුදුළූණු ටික දාන්න. කොහිල ටික පොඩියට කපාගෙන වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.

දැන් මේක අර හාල් මිශ්‍රණයට දාලා තැම්බෙන්න තියන්න. හො​ඳට තැම්බුනාම පොල් කිරි ටික එකතු කරලා රස අනුව ලුණු දාගන්න.

පිලිගන්වන්න..

 

 

 

by  Kaushalya De Silva

Photo Source: Internet

 
views

688 Views

Comments

arrow-up