නූඩ්ලස් රෙසිපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

නූඩ්ලස් රෙසිපි

නූඩ්ලස් රෙසිපි

හැමදාම අපි නූඩ්ලස් කන්නේ එළවළු බිත්තර දාලා තෙම්පරාදු කරලා. මස් බිත්තර එකතු කරපු නූඩ්ලස් වෙන විදිහකට අපිට හදන්න බැරිද? මේ සූදානම් වෙන්නේ එක එක රසට හදන්න පුළුවන් රසවත් නූඩ්ල්ස් රෙසිපි කිහිපයක් ඔබට කියන්න.


නූඩ්ල්ස් මෆින්

මීට අවශ්‍ය වෙන්නේ
*තම්බාගත් නූඩ්ල්ස්
* මොසරැල්ලා චීස්
* ග්‍රීන්පීස් කප් එකක්
* චොප් කරගත් අමුමිරිස් ස්වල්පයක් *ගම්මිරිස් කුඩු
*අඹරාගත් මස්
*රස අනුව ලුණු
*දෙහි යුෂ ස්වල්පයක්
* සෝයා සෝස් මේස හැන්දක්
*තක්කාලි සෝස්
*බිත්තර දෙකක්

සකස් කරගන්නා ආකාරය

නූඩ්ලස් හා චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න. තම්බා ගත් නූඩ්ල්ස් මදක් පොඩිකර muffin tray වල දමා ලේයර් එකක් සාදාගන්න. සාදාගත් මිශ්‍රණය ඒ මතට තබා චීස් ටික දමන්න. සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ අවන් එකක විනාඩි දහයක් පහළොවක් පමණ බේක් කරගන්න.

නූඩ්ල්ස් පයි

අවශ්‍ය ද්‍රව්‍ය
*තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 200ක්
*බිත්තර දෙකක්
*ක්‍රීම් චීස් කප් එකක්
* මොසරැල්ලා චීස් කප් එකක්
*බටර් මේස හැඳි දෙකක්
*අඹරාගත් මස් ග්‍රෑම් 400ක්
*චොප් කර ගත් ළූණු ලූනු
*චොප් කරගත් මාළු මිරිස්
* තක්කාලි සෝස්
*තලාගත් සුදුලූනු

සකස් කරන ආකාරය
සෙල්සියස් අංශක 175 අවන් එක රත්කරන්න. නූඩ්ලස් බිත්තර චීස් බටර් එක්කර හොඳින් මිශ්‍රකර තැටියක තුනී කරන්න. එයට උඩින් ක්‍රීම් චීස් අතුරන්න. වෙනම පෑන් එකකට බටර් ටිකක් රත් වෙන්න තබා එයට මස් බෙල්පෙපර් සුදු ලූනු එක්කර ඉදෙන තුරු තෙම්පරාදු කරගන්න. ඊට තක්කාලි සෝස් රස අනුව ලුනු දමා මිශ්‍රකර අතුරාගත් නූඩ්ල්ස් එකට උඩින් අතුරා ගන්න. විනාඩි 15 පමණ බේක් කර එළියට ගෙන මොසරැල්ලා චීස් උඩින් දම නැවත විනාඩි දහයක් පමණ බේක් කරගන්න.

 

 

 


නූඩ්ලස් චීස් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
* තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් දෙසීයක්
* බටර් කප් බාගයක්
* සීනි කප් එක හමාරක්
*කිරි කෝප්ප එකක්
*හෙවි ක්‍රීම්
* වැනිලා ස්වල්පයක්
* බිත්තර 12
*
ක්‍රීම් චීස් ග්‍රෑම් 300ක්

අවන් එක සෙල්සියස් අංශක 160 ට රත් වෙන්න තබා සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර බටර් ගාගත් තැටියක තමා පැයක් පමණ බේක් කරගන්න. හොඳින් බේක්වී ඇද්දැයි බලා පිටතට ගෙන ශීතකර පිළිගන්වන්න.

මේ නූඩ්ලස් රස රෙසිපි ඔබත් ගෙදරදීම හදලා බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1124 Views

Comments

arrow-up