ඉන්දියන් කෑම වර්ග 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

ඉන්දියන් කෑම වර්ග 02

ඉන්දියන් කෑම වර්ග 02

හැමදාම ෆ්‍රයිඩ් රයිස් කාලම එපා වෙලා නම් මෙන්න ඉන්දියානු ක්‍රමයට බත් වර්ග දෙකක්. ගෙදර ඉන්න ටිකේ මේ වගේ රයිස් එකක් හදලා වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම කන්න දෙන්න.

රස කාරක නැති නිවසේදීම පිරිසිදුවට හදාගනිමු. රසයත් ගුණයත් වැඩි පවුලේ හැමෝම ආසාවෙන් හැමදාම ඉල්ලයි...

ජිරා රයිස්

අවශ්‍ය දෑ,

බාස්මතී හෝ දිගැටි ඇට ඇති බත් කෝප්ප 2
ගිතෙල් මේස හැඳි 2
සූදුරු තේ හැඳි 1
රස ඇනුව ලුණු
කොත්තමල්ලි කොළ ටිකක්

සාදන ආකාරය,

පළමුව බාස්මතී බත් එක බෙරි නොවෙන්න ලුණු සහ බටර් ටිකක් දමමින් හොදින් පිස ගත යුතුයි.

ගැඹුරු පෑන් එකට ගිතෙල් ටික දමා හොදින් රත් වෙනකොට සූදුරු ටික දමා බැදගන්න. අවශ්‍ය නම් යන්තමින් කහ ටිකක් එයට එකතු කරගන්න.

දැන් බත් ටික එම මිශ්‍රණයට ටික ටික දමමින් හොදින් කලවම් කරන්න. අවසානයේ කොත්තමල්ලි කොළ ටික බතට කලවම් කරන්න. ‍රසයෙන් හා පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ බතක් පිළියෙල කර අවසානයි.
මේසයට පිලිගන්වන්න.


 

 

 


 තාවා පුලාව්

අවශ්‍ය දෑ,

සූදුරු තේ හැන්දක්
සිහින්ව කපාගත් අමුමිරිස් තේ හැඳි 1
සිහින්ව කපාගත් සුදුළූණු තේ හැඳි 1
සිහින්ව කපාගත් ඉඟුරු ටිකක් කුඩාවට කපාගත් ළූණු ගෙඩියක්
අඹරාගත් රතු මිරිස්
තක්කාලි පියුරි
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්
ලුණු
මිරිස් කුඩු
තුනපහ කුඩු ම්ග්‍රීන්පීස් කෝප්ප 1/2
කුඩාවට කපාගත් බෙල්පෙපර් ගෙඩියක්
පිසගත් බත් කෝප්ප 3 ( මේ සදහාත් පෙර ලෙසම බාස්මතී හෝ දිගැටි සහල් වර්ගයක් යොදා ගත හැකියි)
බටර් පුරවාගත් මේස හැඳි 2ක් ලෙමන් ජූස් ටිකක් කොත්තමල්ලි කොළ ටිකක්

සාදන ආකාරය,

මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දමා එයට සූදුරු ටික දමා බැදගන්න. මීළඟට එයට කුඩාවට කපාගත් අමුමිරිස්, සුදුළූණු, ඉඟුරු සහ ළූණුටික දමා හොදින් කලවම් කරගන්න.

දැන් අඹරගත් රතු මිරිස් ටිකත් දාගෙන ඒත් එක්කම තක්කාලි පියුරි එක සහ චොප් කරගත් තක්කාලි ගෙඩියත් එකතු කරගන්න. රස අනුව ලුණු දමන්න.

මිරිස්කුඩු හා තුනපහ එකතු කර භාජනයේ අඩියේ නොඇලෙන්න හොදින් කලවම් කරගන්න. දැන් ග්‍රීන්පීස් ටිකත් මෙම මිශ්‍රණයට එකතු කරගන්න.

කුඩාවට කපාගත් බෙල්පෙපර් ගෙඩිය එකතු කරන්න. දැන් බත් ටික, ටිකෙන් ටික එකතු කරමින් හොදින් කලවම් කරන ගමන් බටර් ටිකක් එකතු කරගන්න.

ලිපෙන් ඉවත් කරගන්න කලින් ලෙමන් ජූස් ටිකක් උඩින් ඉහාගෙන කොත්තමල්ලි කොළ ටිකක් හීනියට ලියලා දාල කලවම් කරගන්න. නැත්නම් මේසයට පිලිගන්වන විට බත් එක උඩින් දමන්න

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 

views

1188 Views

Comments

arrow-up