චිකන් ඩම්ප්ලින්ග්ස් (පැයෙන්) - Chicken Dumplings

කොරෝනා සමයේ නිවසට වී කාලය ගත කරන අප හට මුළුතැන් ගේ ද්‍රව්‍ය භාවිත කර පහසුවෙන් සකස් කර ගත හැකි අහරක් ලෙස Chicken dumplings හැඳින්විය හැක.මෙය ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රසිද්ධ අහරක් නොවුනත් ජපානය,කොරියාව වැනි රටවල ඉතාමත් ප්‍රසිද්ධ,ජනප්‍රිය අහාරයකි.ඉතින් කෙටි කාලයක් තුල පහසුවෙන් චිකන් ඩම්ප්ලින්ස් සාදා ගන්නා ආකාරය පහත පියවර ඔස්සේ දැක්වේ.
අවශ්‍ය ද්‍රව්‍ය,
- - පාන්පිටි 150g
- - මඳ රස්නෙන් උණු වතුර කෝප්ප 1/2
- - ලුණු මේස හැඳි 1/2
- - චිකන් 250g
- - ගෝවා 150g (සිහින්ව කපා ගන්නා ලද)
- - ඉඟුරැ මේස හැඳි 1 යෙන
- - සුදු ළුූණු මේස හැඳි 1/2
- - ළුෑණු කොල 50g
- - මෂ් රෑම් 3ක් පමණ (අවශ්‍යම නොවේ)
- - සෝයා සෝස් මේස හැඳි 1 1/2
- - තල තෙල් මේස හැඳි 2-3
පියවර 1
පලමුව බෝල් එකකට පාන් පිටි දමා එයට මඳ රස්නෙන් ගත් උණු වතුර දමා පිටි ටික හොඳින් අනා ගන්න.අතේ නොඇලෙන සේ පිටි මෝලිය සකස් කර ගත් පසු එය හොඳින් තද වන සේ කුඩා බෝල් එකකින් වසා තබා ගත යුතුයි.මෙලෙස විනාඩි 45ක් පමණ වසා තැබිය යුතුය.(විනාඩි 45කට පසු වසා තැබූ බෝල් එක වට කුඩා ජල වාශ්ප දැක ගත හැක)
පියවර 2
මස් ටික හොඳින් පේස්‌ට් එකක් වන තුරැ අඹරා ගෙන(බ්ලෙන්ඩ් කර ගන්න) බෝල් එකකට දමා ගත යුතුයි.එයට සිහින්ව කපා ගත් ළුූණු,සුදු, ළුූණු, ලුණු කුඩු, ගම්මිරිස් දමා මිශ්‍ර කර යුතුය.තවද තල තෙල් ද දමා මිශ්‍ර කර ගෙන සීනි තේ හැඳි තුන් කාලක් පමණද එක් කරගෙන හොඳින් කලවම් කල යුතුයි.
පියවර 3
වසා තබන ලද පිටි මෝලියෙන් 9g ක පමණ පිටි බෝල සකස් කර ගෙන රෝලින් පින් එකක් භාවිතයෙන් අඟල් 3ක පමණ විශ්කම්භයක් ඇති තුනී වෘත්ත සකස් කර ගත යුතුයි.
දැන් පෙරදී සකස් කර ගත් ෆිලින් එක මැදින් තබා දෙකට නමා මැදින් තද කර උඩ පැත්ත ෆීලීට් එකක් තබමින් වසා ගත යුතුයි.සදා ගන්නා ඩම්ප්ලින්ස් ටික (corn flour) කෝන්ෆ්ලවර් තැවරෑ පිඟානක් මත තබා ගත හැක.මීලඟට ස්ටීමර් එකේ තෙල් තවරා හෝ සිදුරැ විද ගත් තෙල් කඩදාසියක් එය මත තබා ඩම්ප්ලින්ස් ටික ඒ මත තබා විනාඩි 30ක් 45ක් අතර කාලයක හොඳින් ස්ටීම් (steam) කර ගන්න.
සදා ගන්නා ලද ඩම්ප්ලින්ස් ටික චිලි පේස්ට් එකක් සමඟ රස විඳිය හැක.
by Dilki Shamani
Photo source : Internet
866 Views
Comments