ඕට්ස් තෝසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

ඕට්ස් තෝසේ

ඕට්ස් තෝසේ

ඕට්ස් කියන්නෙ කිසිම රසක් දැනෙන කෑමක් නෙමෙයි. ඒත් ඕට්ස් වල ගුණ නම් කියලා නිම කරන්න නම් බෑ. විශේශයෙන්ම ශරීරය කෙට්ටු කරගන්න අවශ්‍ය අයට ඕට්ස් කන එක වැදගත්. ඕට්ස් කියන්නෙ ඉහල ආහාර තන්තු ප්‍රතිශතයක් අඩංගු ආහාරයක්. ඒ නිසාම රෝග ගණනාවක් සදහාම සුදුසුයි.

ඕට්ස් ආහාරයට ගැනීමෙන් කෙනෙකුගේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලනවා වගේම හදවත් රෝග වලින් සහ දියවැඩියා රෝග වලින් පෙලෙන අයටත් ඒ රෝග වලින් වැලකී සිටිමට ඕට්ස් ආහාරයට ගැනිම සුදුසු වෙනවා.

වකුගඩු රෝගීන් සදහාද, හතිය රෝගයෙන් පෙලෙන දරුවන්ට පවා ඕට්ස් ආහාරය සදහා ලබා දීම ඉතාමත්ම හොදයි. මළබද්දය මෙන්ම පියයුරු පිළිකා අවධානමින් වලක්වන්නටද ඕට්ස් වලට හැකියාව තියනවා.

වැදගත්ම කාරණාව නම් ඕට්ස් වලට ශරීරයේ අනවශ්‍ය මේදය ඇතිවීම වළක්වන පුදුමාකාර හැකියාවක් තියෙනවා. එ නිසා අනවශ්‍ය ලෙස තරබාරු වීම පාලනය කරනවා.

අද අපි ඕට්ස් වලින් ඉතා රසවත් තෝසේ එකක් හදන ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය,

-
ඕට්ස් කෝප්ප 2
-
හාල්පිටි කෝප්ප 1/2
-
රුලං කෝප්ප 1/2
-
මුදවපු කිරි කෝප්ප 1/2

තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය,

-
සූදුරු තේ හැන්දක්
- සිහින්ව ලියාගත් ළූණු හා අමුමිරිස් ස්වල්පයක්
- තලාගත් ඉගුරු හා සුදුලූනු ස්වල්පයක්
- ගා ගත් පොල් මේස හැන්දක්
- කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොල හෝ කරපිංචා කොළ ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු ටිකක්

 


සාදන ආකාරය :

මුලින්ම ඕට්ස් ටික රන්වන් පාට වනතෙක් කබලේ බැදගන්න. නිවෙන්නට හැර පසුව එයට හාල්පිටි හා රුලං පිටි සමග වතුර ටිකක් දමා හොදින් බ්ලෙන්ඩර් කරගන්න.

එයට දියකරගත් මුදවපු කිරි එකතු කර මිශ්‍ර කරන්න. මෙය තරමක් දියාරුවට සකස් කර ගන්න ඕන. දැන් ලියාගත් ළූණු, මිරිස්, කොත්තමල්ලි කොල හෝ කරපිංචා සහ සූදුරු එකතු කරන්න. ඉගුරු සුදුලූනු සහ පොල් තෙම්පරාදු කර එයට දමා හොඳින් කලවම් කරගන්න.

දැන් සාමාන්‍ය ක්‍රමයට තෝසේ තැටියකින් තෝසෙ හදා ගන්න. පිපෙන්න තියන්න අවශ්‍ය වන්නේ නෑ.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

689 Views

Comments

arrow-up