කුස් කුස් රස රෙසිපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

කුස් කුස් රස රෙසිපි

කුස් කුස් රස රෙසිපි

කුස් කුස් කියන්නේ තිරිඟු වල දුඹුරු පැහැ කොටසින් ටිකක් කෑලි හිටින්න කොටා ගැනීමෙන් සකස් කරගත් ටිකක් රළු ආහාරයක්. අපේ රටේ අය අතර එතරම් ප්‍රචලිත ආහාරයක් නොවුනා කුස් කුස් කියන්නේ මොරොක්කෝ ජාතිකයන්ගේ ප්‍රධාන ආහාර වේලක් වෙනවා. බත් කන්න ටිකක් අකමැති පුංචි බබාලට කුස් කුස් කියන්නේ රසවත් ආහාරයක් වෙයි. එය එක එක විදිහට හදාගන්න පුළුවන්. රසම රස කුස් කුස් හදාගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නයි සූදානම් වෙන්නේ.

ඊට අවශ්‍ය වෙන්නේ

*කුස් කුස් කප් එකක්
*ලුණු කුඩු ස්වල්පයක්
*තෙල් ටිකක්
*කරදමුංගු කරාබු නැටි ස්වල්පයක්
*කුරුදු කෑල්ලක්
*බටර් ටිකක්
*සුදු ලූනු බික් කිහිපයක්
*ඉඟුරු ස්වල්පයක් තලාගෙන
*කැරට් ටිකක්
*බෝංචි ටිකක්
*තම්බපු ග්‍රීන්පීස්
*රතුපාට බෙල් බෙල්පෙපර්
*කහ කුඩු ස්වල්පයක්
*ගම්මිරිස් කුඩු ටිකක්
* සුප් කැටයක්
* සෝයා සෝස් ටිකක්

 

 

 


සකස්කරගන්න ආකාරය

මුලින්ම කුස් කුස් ටික හොඳින් තම්බ ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා කුස් කුස් කප් එකකට උණුවතුර කප් එකක් එකතු කරලා බටර් කෑල්ලක් ලුණු කුඩු ස්වල්පයක් දාලා කලවම් කරලා විනාඩි පහක් විතර තැම්බෙන්න තියන්න ඕන. කුස් කුස් ටික හොඳින් තැම්බෙන තුරු ලොකු පෑන් එකකට තෙල් ටිකක් දාලා කරදමුංගු කරාබු නැටි කුරුඳු ටිකක් දාලා රත් වෙන්න අරින්න ඕන. ඉන්පසු පොඩියට කපාගත් ලුනු ටිකක් ඊට දාලා තෙම්පරාදු කරගෙන ඊට ඉඟුරු සුදු ළූණු එකතු කරලා හොඳින් රන්වන් පැහැ වෙන තුරු බැදගන්න අවශ්‍ය වෙනවා. මේ ටික තෙම්පරාදු වේගෙන එනකොට සිහින්ව කපාගත් කැරට් බෝංචි ග්‍රීන්පීස් බෙල් පෙපර් මිශ්‍රණයට එකතු කරන්න අවශ්‍ය වෙනවා. එළවළු ටික තැම්බීගෙන එන කොට කහ කුඩු ස්වල්පයක් ලුණු කුඩු ගම්මිරිස් සහ සුප් කෑල්ලක් එකතු කරල හොඳින් කලවම් කරන්න ඕන. ඉන්පසු තැම්බුණු කුස් කුස් ටිකේ වතුර හොදින් පෙරල අරගෙන අපේ එලවලු මිශ්‍රනයට එක් කරලා සෝයාසෝස් ටිකකුත් එක් කරලා හොඳින් කලවම් කරන්න අවශ්‍ය වෙනවා. ඉතාම පහසුවෙන් මේ විදිහට සකස් කරගන්න පුළුවන් කුස් කුස් රෙසිපි එක අපේ නූඩ්ලස් රෙසිපි එකට ටිකක් සමානයි නේද? වෙනස් වෙන්නෙ අපි ඒ වෙනුවට එක් කරන්නෙ තම්බ ගත්තු කුස් කුස්. ඉතින් මෙම රසවත් කුස් කුස් බත් කන්න හොර පොඩ්ඩන්ට හොඳ කෑමක් වේවි. සකස් කරගන්න අපහසුවක් නැති නිසා නිවාඩු වෙලාවක හදලා බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

744 Views

Comments

arrow-up