රස බිම්මල් වර්ග

බිම්මල් කියන්නේ ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක්. නමුත් මේ බිම්මල් හරි හැටි නොදැන ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ. මොකද ඇතැම් අවස්ථාවන් වල බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වල විෂ බිම්මල් දකින්න ලැබෙනවා. අද කාලයේ වගා කරපු බිම්මල් ආහාරයට ගන්න පෙළඹුනත් අතීතයේ අවට පරිසරයේ වැවෙන බිම්මල් ආහාරයට ගත්තා. ඒ අතර විෂ බිම් මලුත් තිබුණා. ඒ විෂ බිම්මල් හඳුනාගන්න ගැමියන් විවිධ ක්‍රම යොදා ගත්තා. තද කහ පැහැ හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින් යුත් බිම් මල් බිම්මල් ආහාරයට සුදුසු වන්නේ නෑ. ඉතාම අලංකාර වර්ණ වලින් සහ ආකර්ෂණීය හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට ගන්නේ නැහැ. සමහර බිම්මල් මත ඉන්නන් වැනි ලක්ෂණ තියෙනවා. ඒවාත් විස සහිත වෙනවා. අතීතයේ ආහාරයට ගත් ප්‍රචලිත හතු වර්ග තිබුණා.
ඉදලෝලු
ඉදලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු ලෙස හඳුන්වනවා. ඉතාම රසවත්ව පිසගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන් ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයක්.
ලේන හතු
දිරායන දැව කඳන් මත වැවෙන ලේන හතු ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා රසවත්ව පිසගත හැකි බිම්මල් වර්ගයක්. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල ප්‍රදේශයක යහමින් දකින්න පුලුවන්.
බට්න් බිම්මල්
ස්වභාවික පරිසරය නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර වඩා ප්‍රචලිත බිම්මල් වර්ගයක්.
පිදුරු හතු
දිරායන කොළ රොඩු තෘණ පිදුරු හා දිරායන දැව කඳන් මත වර්ධනය වන බිම්මල් විශේෂයක්. පරිභෝජනයට ඉතාම සුදුසු සහ ඉතාම රසවත් බිම්මල් විශේෂයක් වෙනවා.
මුතුබෙලි බිම්මල්
අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයක්. මේවා අතරට විවිධ ප්‍රභේද තියෙනවා. ඉන් ඔයිස්ටර් බිම්මල් ඉතාම රසවත්. මුතුබෙලි බිම්මල් උප විශේෂයක් වන plurotus flabelltus වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර ඉතාම ජනප්‍රිය මුතුබෙලි බිම්මල් විශේෂයක්.
ආහාරයට නොගන්නා විසිතුරු බිම් මල් විවිධ අලංකාර වර්ණ හැඩයන්ගෙන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත් බිම් කඩවල් වල වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුයි. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම විසිතුරුම බිම්මලක් වන්නේ නයි බිම්මල්. සමහර ඒවා සුවඳින් යුක්ත වෙනවා. එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් වහනය වෙනවා. විසිතුරු බිම්මල් අතර පවතින ඉතා විෂ නිසා කෘමි සතෙක් පවා වහන්නේ නැහැ.
by Dilki Shamani
Photo Source: Internet
2816 Views
Comments