ගෙදර හදන මී කිරි

මී කිරි කියන්නේ ඉස්සර ඉඳලම අපේ ආහාර වට්ටෝරුවේ තියෙන රසවත් කෑමක්. ගෙදරදිම මී කිරි හදා ගන්න එක හරිම ලේසියි. ඊට අවශ්‍ය වෙන්නේ
*සම්පූර්ණ යොදය තියෙන කිරි ලීටර් එකක් *වැහුම් තේ හැඳි එකක්
මේ වැහුම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්.
මෙය සකස් කර ගන්නේ පිරිසිදු භාජනයක කිරි දාලා ලිපේ තියලා සාමාන්‍ය රස්නෙන් කිරි උතුරුවා ගන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු කිරි ටික උතුරලා උඩට එද්දි ලිප නිවලා පිරිසිදු කරගත් මැටි හට්ටියකට කිරි ටික වත් කරලා නිවෙන්න අරින්න ඕන. මේ කිරි මද රස්නෙ ගතියට ආවම මුහුන් ටික මිශ්‍ර කරන්න අවශ්‍ය වෙනවා. මුහුන් ටික මිශ්‍ර කරලා යන්තම් හැදි ගාලා හොඳට හුලං නොවදින විදියට වහලා උණුසුම් වූ ස්ථානයක තියන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා වැඩි නම් ඉතා හොඳයි. පස්සේ මේ විදියට වහ ගත්තු භාජනය විනාඩි 45ක් විතර හොඳට වහල තියන්න ඕන. ඒ අතරතුර කාලයේදී ඒක අරින්න යන්න එපා. ඊටපස්සේ ඔබ හට්ටියේ ආවරණය ඉවත් කරලා බලපුවාම ලස්සනට මුදවපු කිරි හැදිලා තියෙයි. මුදවපු කිරි යොදා ගෙන එක එක රසට රස කෑම වර්ග හදන්න පුළුවන්.
මුදවපු කිරි යොදා යොදාගෙන ඉන්දියාවේ සකස් කරන රසවත් කෑමක් තමයි රයිතාඅ කියන්නේ. රයිතා බුරියානි වගේ ඉන්දීය ආහාර සමඟ ආහාරයට ගන්න වෑංජනයක්. ඒක සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ
* මුදවපු කිරි කෝප්ප තුනක්
*සිහින්ව කපා ගත් ලුනු ටිකක්
*අමුමිරිස් කරලක්
*පිපිඤ්ඤා ස්වල්පයක්
*මිංචි කොළ හෝ කොත්තමල්ලි ස්වල්පයක්
මේ සේරම ද්‍රව්‍ය ටික එකට මිශ්‍ර කරලා ඊට ඊට දෙහි සහ ලුණු ප්‍රමාණවත් පරිදි එකතු කරලා කෑමට ගන්න පුළුවන්.
අපේ රටේ නම් වැඩි දෙනෙක් මුදවපු කිරි සීනි හරි පැණි හරි දාලා කන්න හරිම කැමතියි. ඒ වගේම මුදවපු කිරි වලින් රසවත් පානයක් සකස් කර ගන්නත් පුළුවන්.
බ්ලෙන්ඩර් එකට මුදවපු කිරි කෝප්ප දෙකක් අයිස් කැට හයක් ජලය කෝප්ප එකහමාරක් සීනි තේ හැඳි දෙකක් ලුණු මිශ්‍ර කරලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ උස වීදුරු වලට අයිස් කැට මිශ්‍රණය එක් කරලා රස බලන්නත් පුළුවන්. උදෑසනම හිස් බඩ මේ වගේ පානයක් බොන්න පුරුදු වුණොත් ඒක ඇඟට හරිම ගුණදායකයි. මොකද මුදවපු කිරි සිරුරට සීතලයි. ඉතින් ගෙදර හදන මුදවපු කිරි වලින් මේ වගේ රස රෙසිපි හදන්න උත්සහ කරලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
1145 Views
Comments