චීසි රයිස් ෆ්‍රිටර්ස් - Cheese Rice Fritters
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

චීසි රයිස් ෆ්‍රිටර්ස් - Cheese Rice Fritters

චීසි රයිස් ෆ්‍රිටර්ස් - Cheese Rice Fritters

පොඩ්ඩො චීස් කන්න හරිම කැමතියි නෙ. අපි වුණත් චීස් කෑල්ලකට එපා කියන්නෙ නෑ. පෝෂණ ගුණයෙන් නම් චීස් හරිම ඉහළයි වගේම කිරි රසට ගොඩාක් දෙනා කැමතියි. ඉතින් අද අපි ගෙනාව මේ රෙසපියට චීස් ඕනි. ඒ වගේම ඉතුරු වුණ බත් අපතේ නොයවා මේ රෙසපියට එක් කරගන්නත් පුළුවන්. සවස තේ මේසෙටත් පොඩ්ඩන්ට රස බලන්නත් වෙනස්ම විදියෙ කෑමක්. කොහොමද හදන්නේ ? අපි බලමු.

 

අවශ්‍යය ද්‍රව්‍ය,

 

- ඉතුරු වුණ බත් කෝප්පයයි. ( රතු බත් නම් වඩා සුදුසුයි )

- ග්‍රේට් කරගත්ත චෙඩාර් හෝ මොසරැල්ලා චීස් කෝප්ප 3/4 ක්

- යන්තමින් බීට් කරගත් බිත්තර 3 ක්

- ග්රේට් කරගත්ත මධ්යම ප්රමාණයේ කැරට් ගෙඩියක්

- කොත්තමල්ලි කොළ තේ හැදි 1 ක්

- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්

- පාන් පිටි කෝප්ප 1/4 ක්

- ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්

- බැදීමට තෙල්

 

 

සාදන ආකාරය,

 

භාජනයකට බත්, චීස්, බිත්තර, කැරට්, කොත්තමල්ලි කොළ හා පිටි දමා එයට ලුණු හා ගම්මිරිස් අවශ්ය ප්රමාණයට දමා හොඳින් කලවම් කරන්න. මෙම මිශ්රණය මදක් උකුවට තිබිය යුතුයි. ඊළඟට අඩිය පැතලි භාජනයකට තෙල් දමා මද ගින්දරේ රත් වෙන්න තියන්න. හොඳින් රත් වේගෙන එනවිට අපි කලින් සාදා ගත් මිශ්රණයෙන් හැන්දකට ටික ටික රත් වූ තෙලට පැතලි වන ආකාරයට භාජනනයේ තැනින් තැන දමා ගන්න. හොඳින් රන්වන් පාට වනතුර බැදගන්න. හොඳින් තෙල් බේරා පේපර් සර්වියට් එකක් දීසියක තබා ඒ මත අතුරා පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

554 Views

Comments

arrow-up