රස චොක්ලට් පීනට් බාර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

රස චොක්ලට් පීනට් බාර්

රස චොක්ලට් පීනට් බාර්

පැණිරස කෑම කන්න ගොඩක් දෙනෙක් හරිම කැමති. හැබැයි ඉතින් ඒ කෑම නිවසේදීම සකස් කරගන්න පුළුවන් නම් ඒක මේ දවස් වල ගොඩක් හොඳයි. ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න මේ දවස් වල ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් මේ රසවත් චොක්ලට් පීනට් බාර් ඔබත් ගෙදරදීම හදලා බලන්න. ඊට අවශ්‍ය වෙන්නේ


* මාරි බිස්කට් ග්‍රෑම් 200ක්
*බටර් ග්‍රෑම් 70ක්
චොක්ලට් ග්රෑම් 200ක්
*පීනට් ක්‍රීම් මේස හැඳි දෙකක්
*පීනට් බටර් ග්‍රෑම් 130 ක් විතරයි.

 

 

 


සකස් කරගන්න විදිය අපි බලමු

චොක්ලට් පීනට් බාර් ලේයර් දෙකකින් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මුලින්ම කැමති ට්‍රේ එකක් හෝ කේක් තැටියක් ගෙන තෙල් කඩදාසියක් දාලා සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ගත්ත මාරි බිස්කට් ග්‍රෑම් 200 හොඳින් කුඩු කරලා බටර් ග්‍රෑම් 70ත් හොඳින් දිය කරගන්න අවශ්‍ය වෙනවා. දිය කරගත් බටර් වලට පීනට් බටර් පීනට් බටර් දාලා හොඳින් කලවම් කරලා කුඩු කරගත් බිස්කට් ටික ඊටම එකතු කරලා හොදින් කලවම් කරමින් මිශ්‍රණයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මේක ටිකක් ඝන මිශ්‍රණයක්. ඊට පස්සේ අපි සකස් කරගත් තැටියට මේ ටික දාලා හොඳින් අතුරන්න ඕන. දැන් අපේ පලවෙනි ලේයර් එකේ වැඩ ඉවරයි. ඊට පස්සේ අපි දෙවනි ලේයර් එක හදා ගන්න ඕන. ඒසඳහා කැමති වර්ගයක චොක්ලට් යොදාගන්න පුළුවන්. චොක්ලට් චිප්ස් හරි කුකින් චොක්ලට් හරි චොක්ලට් ග්රෑම් 200 ක් අරගෙන පීනට් ක්‍රීම් මේස හැඳි දෙක සමඟ වෙනම භාජනේකට දාලා ඩබල් බොයිල් කරගෙන චොක්ලට් එක දියකරගන්න අවශ්‍ය වෙනවා. චොක්ලට් ක්‍රීම් එකත් සකස් කරගෙන අවසන්. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ බිස්කට් ලේයර් එක උඩින් මේ චොක්ලට් මිශ්‍රණය දාලා ලස්සනට සකස් කර ගන්න එක. කැමති නම් කෙනෙකුට මේක ලස්සන කරගන්න උඩින් සුදු චොක්ලට් එහෙම නැත්නම් රට කජු කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් අපේ චොක්ලට් පීනට් බාර් සකස් කරගෙන අවසන්. දැන් කරන්න තියෙන්නේ මේ සකස් කරගත්තු චොක්ලට් පීනට් බාර් ටික පැය දෙකක විතර කාලයක් ශීතකරණයෙ තියෙන එක. ඊට පස්සේ හොඳින් ඝනකමට සකස් උනාම ඒවා කෑලි කපලා ඔබට රස බලන්න ගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නෙත් නැතුව ඉතාම පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් චොක්ලට් පීනට් බාර් පොඩි දරුවන්ට රසවත් ආහාරයක් වේවි. හවස තේ පානය සඳහා හදලා රස බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

473 Views

Comments

arrow-up