කොස් ෆ්‍රිටර්ස් - Jackfruit Fitters

කොස් කියන්නේ අපේ දේශීය ආහාරයක් නෙ. බත එක්කම කොස් වලින් වෑංජනයක රස බලන්න, නැත්නම් කොස් තම්බලා මාළු හොද්දක් එක්ක කන්න කොයි කවුරුත් ආසයි.
අද අපි ඔයාලට ගෙනාව මේ කොස් වලින් හදන විශේෂ කෑම වර්ගය තේ මේසෙට සුදුසුයි. විනාඩි 30 ක් වැනි කෙටි කාලයකින් මෙම රෙසපිය හාදන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය,
- කොස් කෝප්ප 1/2 ( ඉතා කුඩා කැබලි වලට කපා ගන්න)
- පිටි කෝප්ප 1/4
- සිහින්ව ලියාගත් ළූණු මේස හැදි 2
- සිහින්ව කපාගත් මිරිස් කරල් 1 ක් හෝ 2 ක්
- පාන් කුඩු මේස හැදි 3 ක්
- තුනපහ කුඩු තේ හැදි 1 ක්
- ලුණු සහ ගම්මිරිස් රස අනුව
- බැද ගැනීමට තෙල්
සාදන ආකාරය,
මුලින්ම භාජනයකට තෙල් ස්වල්පයක් දමා එයට ළූණු හා අමුමිරිස් එක් කර තෙම්පරාදු කරගන්න. දැන් එයට කුඩාවට කපාගත් කොස් ටිකත් එකතු කර මද ගින්දරේ මදක් තැම්බෙන තුරු කලවම් කරගන්න.
වෙනත් භාජනයක පිටි, පාන්කුඩු, ලුණු හා ගම්මිරිස් මිශ්‍ර කර එයට අප මුලින්ම ලිප තබා සකස් කරගත් කොස් මිශ්‍රණය එකතුකරගෙන ඉතාමත් හොඳින් කලවම් කරගන්න.
දැන් වතුර ස්වල්පයක් දමමින් මෙම මිශ්‍රණය මෝලියක් වනතුරු හොඳින් අත් ගසමින් පදම් කරගන්න. කුඩා බෝල කොටස් 10 කට පමණ මේ සාදාගත් පිටි මෝලියෙන් වෙන් කරෙගෙන.
මීළඟට මේ එක් එක් බෝලය ගෙන හොඳින් පැතලි කරගන්න. දෙපැත්තම රන්වන් පැහැය වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. උණු උණුවෙම පිලිගන්වන්න. තේ වේලකට වගේම ප්‍රධාන ආහාර වේලක් සමගත් මෙම කොස් ෆ්‍රිටර්ස් ගැලපෙනවා.
by Kaushalya De Silva
Photo source : Internet
603 Views
Comments