බතල චිප්ස් සහ කඩල කට්ලට්

තේ වේලාවට මොකක්ම හරි කටගැස්මට කෑමක් තියෙනවා නම්, අපි කොයි කව්රුත් කැමතියි නෙ. ඒත් හදන්න ගියාමනෙ එපා වෙන්නෙ. විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන් ගොඩ දෙනෙක් ඉන්නවනම් තවත් අමාරුයි නෙ.
ඒත් අද අපි ඔයාලට ගෙනාවා පෝෂණ ගුණයෙන් ඉහළ වගේම තේ මේසයට ලේසියෙන්ම හදලා තියන්න පුළුවන් ස්නැක්ස් කිහිපයක්. කඩෙන් එක එක කඩචෝරු ගෙනත් කනවට වැඩිය මේ වගේ කෑම ටිකක් හදාගන්න බලන්න. ගෙදර හැමෝම ආසාවෙන් කයි.
> බතල චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය,
- ලොකු බතල ගෙඩියක් ( හොඳින් සුද්ද කරගෙන සෝදා ගන්න ඕන )
- ඔලිව් ඔයිල් හෝ එළවළු තෙල් මේස හැදි 1 ක් හෝ ගැඹුරු තෙලේ බැදීමට මන් බෝතල් 1/2 ක් පමණ
- ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට ( කැමති නම් මෙයට මිරිස් කුඩු ටිකක් ගන්නත් පුළුවන් )
සාදන ආකාරය,
මුලින්ම කළ යුත්තේ බතල ගෙඩියේ දෙපැත්ත කපලා සිහින් පෙති වලට කපා ගන්න. ( හැබැයි ඉතින් ඔයාලගෙ ඇගිලි 10 පරිස්සමෙන්. තියෙනවා නම් ස්ලයිසර් එකකින් කපා ගන්නත් පුළුවන් ) භාජනයකට මේ බතල පෙති ටික දමාගෙන එයට ලුණු හා ගම්මිරිස් දමා හොඳින් කලවම් කරගන්න.
මයික්‍රොවේව් එකක් තියෙනවා නම් ඉහත බතල මිශ්‍රණයටම තෙල් ස්වල්පයක් දමා මිශ්‍ර කර අවන් එකට දාන තැටියකට තෙල් කඩදාසියක් දමා මේ බතල පෙති ටික තුනියට අතුරන්න. උපරිම රස්නයෙන් විනාඩි 3 1/2 ක් 4 ක් වගේ රත් කරගන්න. හොඳ ක්‍රිස්පි ගතියක් ඒවි.
අවන් නැති අයට තෙල් තාච්චියක් ලිපේ තබා එයට තෙල් දමා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
> කඩල කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය,
- කඩල කෝප්ප 01 ක් ( රාත්‍රියේ හොඳින් පෙගෙන්නට හැර පසුදින හොඳින් තම්බා ගන්න.
- සුදුළූණු බික් දෙකක්
- පොඩි බීළූණු ගෙඩියක් කැබලි වලට කපාගෙන
- පාස්ලි කොළ කිහිපයක් ( මේ වෙනුවට කරපිංචා කොළ කිහිපයක් ගන්නත් පුළුවන් )
- කොත්තමල්ලි කොළ කිහිපයක් ( අවශ්‍ය නම් පමණක්, දැමිය හැකි නම් රසවත් බව වැඩියි )
- පාන් පිටි මේස හැදි 01 ක්
- පාන් කුඩු අවශ්‍ය ප්‍රමාණයට
- සූදුරු තේ හැදි 01
- ලුණු තේ හැදි 3/4 ක්
- කොත්තමල්ලි තේ හැදි 1/2 ක්
- බේකින් සෝඩා තේ හැදි 1/2 ක්
- ගම්මිරිස් තේ හැදි 1/4 ක්
- බැදීමට තෙල්
සාදන ආකාරය,
ඉහත සදහන් කළ කළමනා සියල්ලම බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මේ මිශ්‍රණය හොඳින් අතින් බෝල කරගන්න. දැන් පිටි ටික දියාරු කර දවටා පාන් කුඩු දවටා සාමාන්‍යයෙන් කට්ලට් බදින ආකාරයට ගැඹුරු තෙලේ බැදගන්න.
තේ මේසයට මේ රසවත් ස්නැක්ස් පිලිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
910 Views
Comments