එක එක රස අලුවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

එක එක රස අලුවා

එක එක රස අලුවා

අලුවා කියන්නේ අපේ රටේ සාම්ප්‍රදායික කෑමක්. අලුවා සකස් කරන්න ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් මේ සූදානම් වන්නේ විවිධ රසට හදන්න පුළුවන් අලුවා රෙසිපි කීපයක් කියන්න.

පුහුල් අලුවා

වෙනදා එළවළුවක් ලෙස රසවිඳින අලුපුහුල් රසවත් කෑමක් ලෙස ඔබේ තේ මේසයට පැමිණෙන්න පුළුවන්. අඩු වියදමකින් වැඩි රසයක් විඳින්න පුහුල් අලුවා සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ
*පුහුල් ග්‍රෑම් පන්සියයක්
*සීනි ග්‍රෑම් 750
*පාන්පිටි ග්‍රෑම් සීයක්
*කරදමුංගු තේ හැඳි භාගයක්

සාදන ක්‍රමය
පුහුල් හිරමනයකින් ගා ගන්න. පිරිසිදු රෙදි කැබැල්ලකට දමා වතුර මිරිකා හරින්න. ඉන්පසු සීනි වලින් කොටසක් මිරිකාගත් පුහුල් සමග මිශ්‍රකර බඳුනකට දමා මෙලෙක් වනතුරු තම්බා ගන්න. දැන් එයට ඉතිරි සීනි ටිකත් පිටි හා කරදමුංගු එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා පිටි වෙනුවට රුලං පාවිච්චි කරන්නත් පුළුවන්. ඉන්පසු හැඳි ගාමින් එකතු වන පදමට එනතෙක් ලිපතබා මාගරින් තැවරූ කඩදාසියක් දමන ලද බන්දේසියකට දමන්න. දැන් තරමක් තුනී තුනීකර නිවෙන්නට පෙර කැබලි කපා ගන්න.

රස කිරි අලුවා

ඕනෑම වයසක කෙනෙකුට පහසුවෙන් රසවිඳින්න පුළුවන්. රසවත් කිරි අලුවා සාදා ගන්න හරිම පහසුයි. අවශ්‍ය ද්‍රව්‍ය
*පොල් ගෙඩියක උකුකිරි
*හාල් පිටි ග්‍රෑම් 500
*කජු ග්‍රෑම් 750
*කරදමුංගු කරල් දෙකක්
*ලුණු තේ හැඳි කාලක්
*සීනි ග්‍රෑම් 600ක්

සාදන ක්‍රමය
කිරි වලට සීනි සහ පිටි දියකර ලිප තබා හැදි ගාමින් උතුරන හරින්න. අඩියට අල්ලන්න නොදී නොනවත්වා හැඳිගාන්න. ඝන වී ගෙන එන විට කරදමුංගු කුඩු කර මිශ්‍රණය ඝන වී එනවිට ලිපෙන් බා මාගරින් තැවරූ තැටියක දමා තුනීකර නිවෙන්නට පෙර කැබලි කපා ගන්න.

 

 

 


තල අළුවා

සමහරු තෙල් කෑම කන්නට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. එවැනි අයට මේ වගේ රස කැවිලි සුදුසුයි. රස පිරුණු තල අළුවා හදන්න අවශ්‍ය වෙන්නේ
* හාල් පිටි ග්‍රෑම් 500ක්
*පැණි බෝතල් බාගයක්
*සීනි ග්‍රෑම් 250 ක්
*තල ඇට ග්‍රෑම් 100

සකස් කරන ආකාරය
හාල්පිටි ලා කහ පැහැවන තුරු කබලේ බැදගන්න. සීනි ළිප තබා උකුවන තුරු හැඳි ගා ගන්න. ඉහලට එසවූ විට කඩින් කඩ පැණි වැටෙන පදමට ආ විට පිටි හා තල එකතු කරමින් හොඳින් අනාගන්න. පදමට ආ විට පිටි ඉසගත් බන්දේසියක දමා තුනී කර මතුපිටත් පිට ටිකක් ඉස කැබලි වලට කපා ගන්න.

views

1319 Views

Comments

arrow-up