කොස් බිරියානි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

කොස් බිරියානි

කොස් බිරියානි

කොස් කියන්නේ අපේ දේශීය ආහාරයක්. ඒ වගේම ගොඩාක් දෙනෙක් කැමති ආහාරයක්. රසයෙන් ගුණයෙන් ඉහළ ආහාරයක් වන කොස් උපයෝගී කරගනිමින් අළුත්ම විදියෙ කෑම වේලක් හදන ක්‍රමය අද අපි ගෙනාවා.

ඉන්දියානු බිරියානි එකක රසයටත් වඩා අපගේ දේශීය ක්‍රමයට කොස් යොදා සකස් කරගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය,

- කොස් ග්‍රෑම් 500 ක් ( හොඳින් සුද්ද කරගෙන පිරිසිදු කර තීරු වලට කපා ගැඹුරු තෙලේ බැදගන්න )
- බාස්මතී බත් කෝප්ප 01 ක් ( ඔබට කැමති නම් සම්බා, කීරි සම්බා වැනි හාල් වර්ගයක් යොදා ගැනීමට පුළුවන්. බෙරි නොවී ඇට හැලෙන ගානට බත උයාගන්නත් ඕන )
- සූදුරු තේ හැදි 01 ක්
- කපාගත් ළූණු කෝප්ප 1/4 ක්
- සුදුළූණු හා ඉගුරු එකට අඹරා තේ හැදි 01 ක්
- කොත්තමල්ලි කුඩු මේස හැදි 01 ක්
- බැදපු තුනපහ කුඩු තේ හැදි 1/2 ක් ( මේ වෙනුවට ඔයාලට ගරම් මසාලා කුඩු ගැනීමටත් පුළුවන් )
- කහ කුඩු තේ හැදි 1/2 ක්
- ලුණු තේ හැදි 02 ක්
- මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
- අමුමිරිස් තේ හැදි 01 ක් ( සිහින්ව ලියා ගන්න )
- ලෙමන් යුෂ තේ හැදි 01ක්
- කොත්තමල්ලි කොළ කොප්ප 1/2 ක් ( සිහින්ව ලියාගන්න )
- තෙල් මේස හැදි 02 ක්

සාදන ආකාරය,

පතුල ගැඹුරු භාජනයකට තෙල් ස්වල්පයක් දමා මද ගින්දරේ රත් වෙන්නට තියන්න. එයට සූදුරු දමා බැදෙන විට ලුණු, ඉගුරු, සුදුළූණු එකතු කර හොඳින් කලවම් කරගන්න. රන්වන් පැහැය වනවිට එයට බැදගත් කොස් ටික එකතු කරගන්න. අඩු ගින්දරේ තබන්න.

කොත්තමල්ලි කුඩු, තුනපහ, කහ, ලුණු, මිරිස් කුඩු හා අමුමිරිස් එකතු කරගන්න. දැන් මේ භාජනය පියනකින් වසා විනාඩි 5 ක් පමණ තබන්න. විනාඩි 5 කට පසුව එයට ලෙමන් යුෂ හා කොත්තමල්ලි කොළ වලින් 1/2 ක් පමණ එකතු කරගන්න. දැන් මෙම මිශ්‍රණයේ වතුර ගතිය මතුවී තිබෙනු ඔබට දැකගත හැකියි.

 


ඊළඟට ඔබ කළ යුත්තේ මෙම මිශ්‍රණයෙන් කොටසක් ඉවත් කළ භාජනයේ ඇති කොටසට උඩින් බත් ස්වල්පයක් අතුරා ගන්න. නැවතත් ඉවත් කළ මිශ්‍රණ කොටස බත් මත අතුරා ඉතිරි බත් ටිකෙන් නැවත මිශ්‍රණය මත අතුරා ගන්න. ( ලෙයර් ආකාරයට )

නැවතත් අඩු ගින්දරේ විනාඩි 10 ක් පමණ මෙය පියනකින් වසා තැම්බෙන්න තියන්න. විනාඩි 10 කට පසු ලිපෙන් ඉවතට ගෙන හොඳින් කලවම් කර දීසියකට දමා ඉතුරු කරගත් කොත්තමල්ලි කොළ ටික උඩින් අතුරා අලංකාර කරගන්න. කොස් බිරියානි ලෑස්තියි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

646 Views

Comments

arrow-up