අල පරාටා

හැමදාමත් එකම විදිහට පරාටා කන්නැතුව වෙනස් විදිහට පරාටා හදාගන්න අද අපි ඔයාලට රෙසපියක් ගෙනාවා.
ඉන්දියාවේ එදිනෙදා ආහාරයට ගන්න ප්‍රධාන ආහාරයක් තමයි පරාටා කියන්නේ. විවිධ විදහට විවිධ ව්‍යාංජන එක්ක ඉන්දියාවේ ජනතාව පරාටා ආහාරයට ගන්නවා. පාන් පිටි වෙනුවට එයාලා ආටා පිටි වගේම පොල් තෙල් වෙනුවට එළගිතෙල් එකතු කරගෙන තමයි පාරාටා හදාගන්නේ.
විවිධ පරාටා වර්ග අතරින් ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි අල පරාටා කියන්නේ. ඉතින් ඔයාලත් රසවත් අල පරාටා හදල බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය,
- පාන් පිටි ග්‍රෑම් 500 ක් ( කැමතිනම් ආටා පිටි භාවිතා කරන්නත් පුළුවන් )
- ලොකු අර්තාපල් ගෙඩි 05 ක්
- සිහින්ව කපාගත් බී ළූණු ගෙඩියක්
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 05 - 06
- සිහින්ව කපාගත් සුදු ළූණු ස්වල්පයක්
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- රස අනුව ලුණු
- පොල්තෙල් ස්වල්පයක් හෝ එළගිතෙල්
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම අර්තාපල් ගෙඩි ටික හොඳින් සෝදා තැම්බෙන්න තියාගන්න. භාජනයක් ලිප තබා එය රත් වූ පසු එයට තෙල් ස්වල්පයක් එකතු කර සිහින්ව කපාගත් බී ළූණු , සුදු ළූණු , අමුමිරිස් සහ කරපිංචා දමා තෙම්පරාදු කරගෙන පසෙකින් තබන්න.
ඉන්පසු තම්බාගත් අල ටික පොතු ඉවත් කර හොඳින් පොඩි කර ගන්න. භාජනයක් ගෙන එයට පාන්පිටි හෝ ආටාපිටි, තම්බා පොඩි කරගත් අල සහ තෙම්පරාදු කරගත් ළූණු , අමුමිරිස් ටික සහ රස අනුව ලුණු දාගෙන වතුර ටික ටික එකතු කර භාගෙට මිශ්‍ර කර ගන්න. ඉන්පසු පොල් තෙල් හෝ එළගිතෙල් ටික ටික එකතු කර අතේ නොඇලෙන මිශ්‍රණයක් සාදාගන්න.
සාදාගත් මිශ්‍රණයෙන් පොඩි බෝල සකසා රෝලින් පින් එකකින් තුනී කර රොටි තැටියක දමා දෙපැත්ත පුළුස්සා ගන්න. සාදාගත් අල පරාටා උණු උණුවෙන්ම චිකන් කරියක් හෝ ඔබට කැමති ඕනෑම ව්‍යංජනයක් එක්ක පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1353 Views
Comments