විවිධ රසට තෝසේ රස බලමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

විවිධ රසට තෝසේ රස බලමු

විවිධ රසට තෝසේ රස බලමු

වැඩි දෙනෙක් කන්න කැමති කෑමක් තමයි තෝසේ කියන්නේ. ඒත් අපි හැමදාම රස බලලා තියෙන්නේ උඳු වලින් රසට හදපු තෝසේ. ඉන්දියාව කියන්නේ තෝසේ ප්‍රධාන ආහාරයක් විදියට ගන්න රටක්. හැබැයි එහෙනම් රස බලන්නේ උදු වලින් හදන තෝසේ විතරක් නොවේ. මේ සූදානම් වෙන්නේ උඳු හා සහල් පිටි වලින් හදන තෝසේ වෙනුවට වෙනස් විදියට හදන්න පුලුවන් රස තෝසේ රෙසිපි කිහිපයක් කියන්න.
 


රුලං තෝසෙ


රුලං තෝසේ එක හදාගන්න අවශ්‍ය වෙන්නේ
*රුලං ග්‍රෑම් 250 ක්
*පාන්පිටි ග්‍රෑම් 125ක්
*හාල් පිටි ග්‍රෑම් 250 ක්
තෙම්පරාදුව සඳහා
*අබ සූදුරු තේ හැන්ද බැගින්
*චොප් කරගත් අමු මිරිස් කරල්
*හොඳින් තලාගත් ඉඟුරු තේ හැන්දක්

*කරපිංචා කොළ කිහිපයක්
*පොඩි කර ගත් ළූණු ගෙඩියක්
*මිරිස් කුඩු තේ හැදි බාගයක්
* රස අනුව ලුණු
* ගී ටිකක්

මේ රස තෝසේ එක හදන්න මුලින්ම රුලං එක්ක ඉතුරු පිටි වර්ග දෙක ලුණු එකතු කරලා ටිකක් මෘදු බැටර් එකක් විදිහට සකස් කරගෙන විනාඩි පහළොවක් විතර වහලා තියන්න ඕන. ඒ අතරතුරේ තෙම්පරාදුවට ගී ටිකක් තැටියකට දාලා ඊට සකස් කරගත්ත කුළු බඩු සේරම එකතු කරන්න අවශ්‍ය වෙනවා. මේ සියල්ල හොඳින් තෙම්පරාදු උනාට පස්සෙ තෙම්පරාදුව නිවෙන්න තියලා එය විනාඩි පහළොවක් විතර පිපෙන්නේ තියා ගත් තෝසේ මිශ්‍රනයට එක් කරලා අපි වෙනදා හදන තෝසෙ විදියටම හදා ගන්න ඕන.

 


චීස් තෝසේ


චීස් තෝසේ එක හදන්න නම් අවශ්‍ය වෙන්නේ අපි වෙනදා තෝසෙ හදන බැටර් එකමයි. ඊට අමතරව
*චොප් කරගත් ලූණු ගෙඩියක්
*චොප් කරගත් තක්කාලි
*ගම්මිරිස් කුඩු ස්වල්පයක්
*ගා ගත් මොසරැල්ලා චීස් කප් එකක්
මේ රසවත් චීස් සෝස් එක හදන්නේ බටර් ටිකක් නැත්නම් ගී ටිකක් තවරා ගත් නොන්ස්ටික් තැටියක් රත්වෙන්න තියලා එයට තෝසෙ මිශ්‍රණයෙන් ටිකක් එකතු කරන්න ඕන. ඊට උඩින් ඉදීගෙන එන විට චොප් කරගත් ලූනු තක්කාලි දමා ඊට ගා ගත් චීස් එකතු කරල රසවත් චීස් තෝසෙ එක සකස් කර ගන්න පුළුවන්.

 

 

 


මුං තෝසේ


මුං කියන්නෙත් බොහොම ගුණදායි කෑමක්. මුං වලින් මේ රසවත් තෝසේ එක හදන්න අවශ්‍ය වෙන්නේ
* මුං ඇට ග්‍රෑම් 250
* හාල් පිටි මේස හැදි 4ක්
*කුඩාවට කපාගත් අමුමිරිස් කරල් දෙකක්

*චොප් කරගත් ඉඟුරු තේ හැඳි බාගයක්
මුං ඇට හොද ගරලා රැයක් පෙඟෙන්න තබන්න. පෙඟෙන්න තබා ගත් මුං ඇට වලට හාල් පිටි හැර අනෙක් සියල්ල එක්කර හොඳින් අඹරා ගන්න. උකු බැටර් එකක් ලෙසට අඹරාගෙන එයට හාල් පිටි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.ඉන් පසු උකු බැටර් එකක් ඔබට ලැබේවි. ගී තවරා ගත් තැටියක පුරුදු තෝසේ සකස් කරන විදියටම මේ තෝසේ හදල බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

16946 Views

Comments

arrow-up