දෙල් ලඩ්ඩු

දෙල් අපි සාමාන්‍යයෙන් උයන්නේ වෑංජනයක් එහෙමත් නැත්නම් මැල්ලුමක් නෙ. ඒත් එහෙම හදන්න පුරුදු වෙලා ඉන්න හැමෝටම අද දෙල් වලින් ඉතා රසවත් ඒ වගේම වෙනස් ආකාරයට තේ මේසයට වගේ තියන්න පුලුවන් ලඩ්ඩු එකක් හදන හැටි කියලා දෙනවා.
ලඩ්ඩු කියන්නෙ නම් ඉන්දියාවේ කෑමක් වගේම ගොඩාක් දෙනෙක් වගේ හදන්නත් දන්නවා වුණාට, ලංකාවේ අපිට අළුත්ම විදියට අපේම දෙයක් යොදා ගෙන මේ ලඩ්ඩු එක හදන්න ලේසි ක්‍රමයක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ.
අවශ්‍ය ද්‍රව්‍ය,
- දෙල් ග්‍රෑම් 500 ක් ( ගැඹුරු තෙලේ බැද හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. )
- සීනි ග්‍රෑම් 250 ක්
- වදමල් වතුර අඩු කෝප්ප 1/2 ක් ( පොකුරු රතු වද මල් ගෙන උණු වතුරට දමා මේ වද මල් වතුර ටික හදාගන්න පුලුවන් )
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු තේ හැදි 1/4 ක්
- රටකජු ග්‍රෑම් 100ක් ( කබලේ බැද කැබලි කරගන්න )
සාදන ආකාරය,
හොඳින් පැසුණු දෙල් ටික හොඳින් සුද්ද කර තීරු වලට කපාගෙන ලුණු, කහ, දෙහි මිශ්‍ර වතුරෙන් හොදින් සෝදා බේරා ගැඹුරු තෙලේ බැදගන්න.
දැන් මේ දෙල් ටික පෙර කියු ලෙස බ්ලෙන්ඩර් කරගන්න ඕනි. සීනි භාජනයකට දමා එයට වදමල් වතුර දමා පත්පැණි ආකාරයට උණු කරගන්න. ( වදමල් වතුර සොයා ගැනීමට අපහසු අය වැනිලා ස්වල්පයක් භාවිතා කරන්න. )
නූලක ආකාරයට ඇදෙන පදම ආවට පසුව බ්ලෙන්ඩර් කරගත්ත දෙල් ටික ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කර උකු වූ පසු ලිපෙන් බාගන්න.
මද රස්නෙන් අග්ගලා ගුලි ආකාරයට ගුලි කර දීසියක් මත තබමින් තේ මේසයට පිලිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1084 Views
Comments