ගෙදර හදන ෂර්බට්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ගෙදර හදන ෂර්බට්

ගෙදර හදන ෂර්බට්

දිවට රස දෙන පැණි බීම වලට ලොකු කුඩා කවුරුත් කැමති. වෙහෙසකර කටයුත්තකින් පසුව හෝ රාජකාරි කටයුතු නිමවා පැමිණි විටකදී සිතේ මෙන්ම මෙන්ම ගතේ වෙහෙස දුරු කරන්න පැණි බීම වීදුරුවකින් හොඳ දායකත්වයක් ලැබෙනවා. නමුත් විවිධාකාරය වර්ණවත් ලේබල යටතේ වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති බීම වලින් වැඩි හරියක් රසායනික ද්‍රව්‍ය අඩංගු කර නිෂ්පාදනය කර තියෙන ඒවා. නැවුම්ව හා පිරිසිදුව රස බීම වර්ග නිවසේදීම පිළියෙල කරගන්න පුලුවන්නම් එය සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ඒවගේ නිවසේදීම සකස් කර ගන්න පුළුවන් රස බීම වර්ගයක් තමයි ෂර්බට් කියන්නේ. ෂර්බට් සකස් කරන්න අවශ්‍ය වෙන්නේ

*වතුර කෝප්ප තුනක්
*සීනි ග්‍රෑම් 350 ක්
*රෝස් එසන්ස් ස්වල්පයක්
*අයිස් කැට කිහිපයක්
* රෝස පාට කලරින්

සකස් කරන්නේ
පළමුවෙන්ම කට පලල් බඳුනක් ගෙන සීනි හා වතුර එකට කලවම් කර ලිප තබා උණු කරන්න. අවශ්‍ය පදමට උණු වූ පසු රෝස එසන්ස් රෝස පාට කලරින් එකතු කර ලිපෙන් ඉවතට ගෙන හොඳින් නිවුනට පසු බෝතල් කර තබන්න. භාවිතයට ගන්නා මොහොතේ සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් වීදුරුවකට දමා ඊට අවැසි ප්‍රමාණයට වතුර සීනි එක්කර කස ඇට හා අයිස් මිශ්‍ර කර පිළිගන්වන්න.

මිල්ක් ෂර්බට්

අවශ්‍ය ද්‍රව්‍ය
*සාදා ගත් ෂර්බට් මිශ්‍රණය
*කිරි
* කසා ඇට
* අයිස් ක්‍රිම්

සකස් කරන්නේ සාදා බෝතල් කරගත් ෂර්බට් වීදුරුවකට දමා එයට කිරි මේ සඳහා ටින් කිරි හෝ ඕනෑම වෙනත් කිරි වර්ගයක් වුවද භාවිතා කරන්න පුළුවන්. සහ අයිස් ක්‍රීම් එක අයිස් කැට එකතු කර පිළිගන්වන්න.

 

 

 


අන්නාසි ෂර්බට්

අවශ්‍ය ද්‍රව්‍ය
* කපාගත් අන්නාසි කැබලි
*සාදාගත් කිරි
*අයිස් ක්‍රීම්
*ලෙමන් හෝ දෙහි
*වතුර ස්වල්පයක්

අන්නාසි වතුර සමග බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසුව අන්නාසි මිශ්‍රණය පෙරා ගත යුතුයි. ඉන් අනතුරුව කිරි අන්නාසි සිරප් සහ අයිස්ක්‍රීම් ලෙමන් යුෂ සහ රස අනුව සීනි දමා හොඳින් කලවම් කර පිළිගන්වන්න.

ලැසි

*මුදවපු කිරි ග්‍රෑම් 350ක්
*අයිස් කැට
*ලුණු හෝ සීනි
*වතුර මිලි ලීටර් සීයක්

සකස් කරන්නේ
මුදවපු කිරි හා වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණයට ලුණු රස අවැසි නම් ලුණු ද සීනි රස අවැසි නම් සීනි ද මිශ්‍ර කරන්න. පිළිගන්වන මොහොතේ අයිස් කැට එකතු කරන්න. ලැසි සකස් කරන විට විවිධ රසට භාවිතයට ගත හැකි මේ අතර රෝස එසන්ස් අඹ වගේම දෙහි ප්‍රධාන වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

543 Views

Comments

arrow-up