රස චීස් පැස්තා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

රස චීස් පැස්තා

රස චීස් පැස්තා

චීස් පැස්තා

පැස්තා කියන්නේ අපේ රටට ආවේණික ආහාරයක් නොවුනත් එය අපේ ලොකු කුඩා අතර ඉතාම ප්‍රසිද්ධයි. චීස් රස ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සකස් කරන චීස් පැස්තා සකස් කරන චීස් ප්‍රස්ථා සකස් කරන්න අවශ්‍ය වෙන්නේ
*තම්බාගත් පැස්තා කෝප්ප හතරක්
*ඔලිව් තෙල් මේස හැදි තුනක්
*ලොකු ලූනු ගෙඩි එකක්
*සුදු ලුණු මේස දෙකක්
*සිහින්ව කපාගත් කුකුළු මස් කෝප්ප එකක් *බටර් මේස හැඳි එකක්
*නැවුම් කිරි කෝප්ප එකක්
*චීස් කෝප්ප භාගයක්
*ඔගානෝ තෙල් හැදි දෙකක්
*බැසිල් කොළ දෙකක්
*ගම්මිරිස් කුඩු
*ලුණු

සාදන ක්‍රමය
පෑන් එකක් ලිප තබා එයට ඔලිව් තෙල් ටිකක් දමන්න. එයට සිහින්ව කපාගත් ලොකුළුණු සිහින්ව කපාගත් සුදු ලූණු එකතු කරන්න. ඉන්පසු කුඩා කැබලි කපාගත් කුකුළු මස් එක්කර බැදෙන්නට හරින්න. ඒවා බැදීගෙන එනවිට ඔගානෝ තෙල් බැසිල් කොළ එක්කර කිරි බටර් සහ චීස් එකතු කරන්න. මෙයට තම්බාගත් පැස්තා කෝප්ප 4 එකතු කර හොඳින් හැඳි ගා දිය ගතිය හිදෙන්නට පෙර ලිපෙන් බාගන්න. රස අනුව ගම්මිරිස් හා ලුනු එකතු කර ඔබට රස බලන්න පුළුවන්.

 

 

 


ක්‍රීම් පැස්තා

චීස් රසය ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සකස් කරපු තවත් පැස්තා වර්ගයක් තමයි ක්‍රීම් පැස්තා කියන්නේ. ඉතාලි කෑමක් වන මෙය පවුලේ සාමාජිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න හැකියාව ලැබේවි. අවශ්‍ය ද්‍රව්‍ය -*තම්බාගත් පැස්තා ග්‍රෑම් 150ක්
*නැවුම් කිරි කෝප්ප දෙකක්
*ග්‍රේට් කරගත් චීස් කෝප්ප එකක්
*ලුණු ස්වල්පයක්
*ලියාගත් ළූණු මේස හැඳි හතරක්
*සැරසීමට පාස්ලි
*ඔලිව් තෙල් මේස හැදි දෙකක්

සකස් කරන ආකාරය
භාජනයක් ලිප තබා රත් වෙන්න තබා එයට බටර් එකතු කරන්න. බටර් ටික හොඳින් දියවූ පසු ලියාගත් ළූණු එක්කර හොඳින් බැදීගෙන එනවිට නැවුම් කිරි කොප්ප 2ක් එකතු කරන්න. එයට ලුණු ස්වල්පයක් දමා කිරි උතුරාගෙන එන විට ග්‍රේට් කරගත් චීස් එකතු කරන්න. මේ සමගම පැස්තා ටික මිශ්‍ර කරන්න. එය හොඳින් මිශ්‍රකර දිය ගතිය සමගම ලිපෙන් බා කෑමට ගන්න. සිහින්ව ලියාගත් පාස්ලි වලින් මෙය සරසා ගන්න.

එසේ පහසුවෙන්ම සකස් කරගන්න පුළුවන් මේ පැස්තා වර්ග ඔබත් රස බලන්න. ඒවා විශේෂයෙන්ම රාත්‍රි ආහාර වේලාවක් සඳහා ඉතාම සුදුසු වේවි. ඒ වගේම සැර ගතියෙන් අඩු නිසා පුංචි දරුවන් ඉතා ආසාවෙන් රස බලාවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

561 Views

Comments

arrow-up