රස හොට් ඩෝග්ස්

පොඩිත්තන්ට ආසාවෙන් රස බලන්න පුළුවන් පුළුවන් චීස් ෆ්‍රයිඩ් හොට් ඩෝග් හදන විදිය අපි බලමු. මේක රස බලන්න රස තක්කාලි කෙචප් බෝතලයකුත් තියෙනවා නම් ඊටම ගැලපෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
*හොට් ඩෝග් සොසේජස් කරල් 10ක්
*චීස් පෙති 10ක්
* බාබකිව් කූරු 10ක්
* එළවළු තෙල් කෝප්ප තුනක්
බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
*පාන්පිටි කෝප්ප දෙකක්
*ලුණු මේස හැදි එකක්
*ගම්මිරිස් කුඩු තේ හැදි එකක්
*බේකින් පවුඩර් මේස හැදි එකක්
*ෆුල් ෆැට් දියර කිරි කෝප්ප එක හමාරක්
*බිත්තර තුනක්
රසවත් හොට් ඩෝග් හදන්න බාබකියු ඉරටු උස වීදුරුවක් ගැඹුරු තෙලේ බැදීමට උස සාස්පානක් පිළිගැන්වීම සඳහා තක්කාලි සෝස් ප්ලේට් එකක් අවශ්‍ය වෙනවා. පැතලි තාච්චියක හොට් ඩෝග් හදන්න බැහැ.
සාදා ගන්නා ආකාරය
මුලින්ම හොට් ඩෝග් සොසේජ් ගෙන ලෑල්ල මත තබාගන්න. පසුව මේ එක් එක් සොසෙජස් එක වටා චීස් ස්ලයිසස් එකක් ඔතාගන්න. හරියට රෝල්ස් ඔතනවා වගේ. දැන් චීස් ඔතාගත් සොසේජස් එකට පැත්තකින් බාබකිව් ඉරටුව ගසන්න. අඟලක් පමණ සෝසේජස් එක ඇතුලට ඉරටුව යවන්න. මෙසේ සාදාගත් සොසේජස් රැපින් එකක එක තබන්න. භාජනයක් අරගෙන එයට බැටර් එක යටතේ ඇති සියලු දේවල් දමන්න. බීටරයක් හෝ වයර් විෂ් එකක් යොදාගෙන විනාඩියක් පමණ බැටර් එක හොඳින් බීට් කරගන්න. ඉන්පසු එම බැටර් එක විනාඩි දහයක් පිපෙන්න තියන්න. පසුව බැටර් එක අඟල් 5ක් උස වීදුරුවකට දමන්න. එසේ කරන්නේ අපේ හොට් ඩෝග් එක බැටර් එක ඇතුලෙ හොඳින් ගිල්වන්න ඕන නිසා. සාස්පානකට එළවළු තෙල් දමා රත් කරන්න. තෙල් රත් වෙද්දී බාබකිව් හොට් ඩෝග් එක සාදාගත් බැටරයේ ගිල්වන්න. සම්පූර්ණ හොට් ඩෝග් එකම බැටර් එකේ ගිල්වා බැටර් එක හොට් ඩෝග් එක වටා හොඳින් තැවරෙන්න දෙන්න. ඒ සැනින්ම රත් වූ තෙලට දමන්න. බාබකිව් ඉරට්ටේ උඩට සිටින සේ තෙලට දමන්න. එය හොඳින් බැදෙද්දී ඉරට්ටෙන් අල්ලා කරකවන්න. හොඳින් බැදගත් චීස් හොට් ඩෝග් කඩදාසියක් මත දමා අමතර තෙල් හින්දවා ගන්න. දැන් අපේ රසවත් චීස් ප්‍රයිඩ් හොට් ඩෝග් ටික සූදානම්. හැන්දෑවෙ තේ පානයට ගෙදර අය එක රස බලන්න මේක කදිම ආහාරයක්. රසවත් තක්කාලි සෝස් සමග උණු උනුවෙම රස බැලුවොත් ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස බලාවි. වැඩි වෙහෙසක් ගන්නේ නැතුවම රසවත් චීස් ෆ්‍රයිඩ් හොට් ඩෝග්ස් ගෙදරිදීම හදලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
879 Views
Comments