ගෙදර හදන මීට්බෝල්ස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ගෙදර හදන මීට්බෝල්ස්

ගෙදර හදන මීට්බෝල්ස්

 

මීට්බෝල්ස් කියන්නේ ලොකු පොඩි කවුරුත් අතර හරිම ජනප්‍රිය කෑමක්. නමුත් අපි මේවා කන්න පුරුදු වෙලා තියෙන්නේ වෙළඳපොළෙන් මිලදී ගෙන කලින් සකස් කරපු ඒවා විදියට. නමුත් නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට ගෙදරදීම මීට්බෝල්ස් හදාගන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. ගෙදර තියන පුංචි පුංචි දේවල් ටිකක් තමයි ඊට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ රස මීට්බෝල් හදල බලමුද? කෙනෙකුට කැමති නම් මේක කට්ලට් වගේ බැදලා කෑමට එකතු කර ගන්න පුලුවන්. හොඳ කටගැස්මක්. එහෙමත් නැත්නම් වෙනදා හදන මීට්බෝල්ස් curry එකට නැත්නම් මීට්බෝල් තෙම්පරාදුවට ගෙදර හදපු මේ මීට්බෝල්ස් එක යොදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
*අඹරපු කුකුල් මස් ග්‍රෑම් පන්සීයක්
*පොඩි කරගත් සුදුලූණු කර ගත් බික් දෙක තුනක්
*තරමක ළූණු ගෙඩියක්
*රස අනුව ලුණු සහ ගම්මිරිස්
*යොදය සහිත කිරි කෝප්ප භාගයක්
*කඩල පිටි කෝප්ප කාලක්

 

 

 


සකස් කර ගන්න ආකාරය
ඉහත සඳහන් කරපු ද්‍රව්‍ය සියල්ලම එකට එකතු කරලා බ්ලෙන්ඩරයකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න අවශ්‍ය වෙනවා.ඊට පස්සේ ලැබෙන්නේ ඝන පේස්ට් එකක්. මේ පේස්ට් එක බෝල් එකකට වෙන් කරලා අරගෙන පුංචි පුංචි බෝල හදා ගන්න අවශ්‍ය වෙනවා. මේ විදියට සකස් කරගත්තු මීට්බෝල්ස් ටික ස්ටීම් එකකට දාලා වාෂ්පයෙන් තම්බා ගන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මිනිත්තු විස්සක් විතර මේ විදියට තම්බාගන්න අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් මේ මීට්බෝල්ස් එක තවත් විදිහකට හදාගන්න පුළුවන්. ඒ තමයි කලින් විදියට සකස් කරපු මීට්බෝල්ස් බටර් තැවරූ තැටියක දාලා සෙන්ටිග්‍රේට් අංශක එකසිය හැත්තෑ පහක විතර උෂ්ණත්වයේ විනාඩි විස්සක් විසිපහක් විතර බේක් කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ විදියට රසවත්ව හදාගත්තු මීට්බෝල්ස් සාමාන්‍යයෙන් අපි හදන කරි එකක් විදිහට සකස් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පෑන් එකකට දාලා ෆ්‍රයි කරලා සෝස් සමග හවසට හවස තේ පානය සඳහා යොදාගන්නත් පුළුවන්. ගෙදර හදන මීට්බෝල්ස් නිසා සෞඛ්‍ය සම්පන්න භාවය සහ ඒවාගේ ගුණාත්මකභාවය ගැන සැකයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුකුළු මස් වෙනුවට මේ සඳහා කැමති වෙන මස් වර්ගයක් වුණත් එහෙමත් නැත්නම් මාළු වුනත් යොදාගන්න පුළුවන්. ගෙදර තියෙන දේවල් වලින් කරල මේ විදියට රසවත් මේ මීට්බෝල්ස් සකස් කරල ඔබත් රස බලන්න. එය ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස විදීවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

541 Views

Comments

arrow-up