පුංචි බබාලට රස කෑම

මේ සූදානම් වෙන්නේ පුංචි ළදරුවන් වෙනුවෙන් සකස් කරන කෑම පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මොකද මව්කිරි වලට පස්සේ දරුවන්ට ආහාර ලබා දෙන්න පටන් ගන්න විට ඔවුන්ගේ පෝෂණය ගැන වැඩිපුර හිතන්න අවශ්‍ය වෙනවා.මාස තුන හය වගේ කාල වල පසුවන පුංචි පොඩිත්තන් වෙනුවෙන් මේ විදියට ගුණ ආහාර ලබා දෙන්න පුළුවන්.
අලි ගැට පේර
ලොව පුරා බොහෝ මව්වරුන් තමන්ගේ දරුවන්ට පළමුවෙන්ම කිරි වලට පසුව ලබා දෙන ආහාරයක් තමයි අලිගැටපේර කියන්නේ. මව්කිරි වල අඩංගු මේද කොටස් වලට බොහෝ සමානකම් තියෙන මේද සංයුතියක් මෙහි අඩංගු වෙනවා වගේම අසන්තෘප්ත මේදය බබාගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා.
*අලිගැටපේර ගෙඩියේ හොඳින් මදය පොඩිකර
*එයට යෝගට් එකතුකර එහෙමත් නැත්නම්
*අලිගැටපේර ගෙඩියේ මදයට දෙහි ඇඹුල් යෝගට් සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ එක් කරලා
* නැත්නම් අලිගැටපේර ගෙඩියක මදය පොඩි කරලා යෝගට් රටඉඳි සිරප් කුඩුකර ගත් වියළි ආමන්ඩ් හෝ කජු වැනි ඇට වර්ගයක් සමග පොඩිකර කවන්න පුළුවන්.
කෙසෙල්
ඉතා පහසුවෙන් ආහාර වලට එක්කර ගන්න පුළුවන් ආහාර වර්ගයක් තමයි කෙසෙල් කියන්නේ. පොටෑසියම් විටමින් බී විටමින් සී කැල්සියම් හා යකඩ පෝෂණ සංඝටක වලින් මෙය අනූනයි. පොඩිත්තාට ඉතා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කරලා දෙන්නත් පුළුවන්.
*එහෙම නැත්නම් පොඩි පොඩිකරගත් කෙසෙල් කුඩුකරගත් වියළි ඇට වර්ගයක් සමඟ එකතු කරලා දෙන්නත් පුළුවන්.
*එහෙමත් නැත්නම් පොඩි කෙසෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා ස්මූති එකක් විදිහට ලබාදෙන්නත් පුළුවන්.
* ඒ වගේම හබල පෙති රුලං වලට පොඩි පොඩිකරගත් කෙසෙල් සහ රටඉඳි සිරප් එකතු කරලා පොඩිකර කවන්න පුළුවන්.
පරිප්පු
රනිල බෝග අතරින් වඩාත් පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි පරිප්පු කියන්නේ. වැඩිහිටි අපිට වගේම බබාලගේ ආහාර වලටත් එය පහසුවෙන් එක් කරගන්න පුළුවන්. පරිප්පු කවන්න පුළුවන් ක්‍රම තමයි
*පරිප්පු හොඳින් තම්බා බටර් සමඟ
*එහෙමත් නැත්නම් පරිප්පු කුඩාවට කපාගත් කැරට් හොඳින් තම්බා පොඩි කරගත් හාල්මැස්සන් මාළු සමග පොඩි කරලා ඔලිව් තෙල් ලුණු සමඟ තෙම්පරාදු කරලා
*එහෙමත් නැත්නම් තෝරාගත් එළවළු කිහිපයකට පරිප්පු එක් කර සුප් එකක් ලෙස පොඩිත්තන්ට ලබා දෙන්නත් පුළුවන්.
ඔබේ පොඩිත්තන්ට මේ ගුණදායි ආහාර කැවීමට පටන් ගන්නා කාලයේ සිටම සෞඛ්‍යාරක්ෂිතව ලබාදෙන්න.එය ඔවුන්ගේ ඉදිරි වර්ධනයට මහත් පිටුවහලක් වේවි.
by Dilki Shamani
Photo Source: Internet
987 Views
Comments