මුළුතැන්ගෙයි නොවරදින සෝයා මස් හෙවත් ටී.වී.පී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

මුළුතැන්ගෙයි නොවරදින සෝයා මස් හෙවත් ටී.වී.පී

මුළුතැන්ගෙයි නොවරදින සෝයා මස් හෙවත් ටී.වී.පී

ටී.වී.පී යන්නෙහි තේරුම textured vegetable protein හෙවත් සකසන ලද එළවළු ප්‍රෝටීන යන්නයි. මස්වල ස්වභාවයට සමාන වන සේම සෝයා බෝංචිවලින් තනා ඇති මෙම ආහාරය මිලෙන් අඩුයි. පෝෂ්‍යදායී ගුණයෙන් වැඩියි. සෝයා බෝංචිවලින් තෙල් පෙරා ගැනීමෙන් පසු ඉතිරිවන සෝයා පිටි වලට විවිධ රසකාරකයන් එකතු කොට ජලය සමඟ අනා අධි පීඩනයක් යටතේ කරන ලද උල් කටක් සහිත නලයක් තුළින් තෙරපණු ලැබේ. ඉන්පසු එම ද්‍රව්‍ය කැබලි වලට කපා වියළා ගනු ලැබේ.

සොයා මස් වල පෝෂ්‍ය ගුණය බොහෝ දුරට මස් වල පෝෂ්‍ය ගුණයට සමාන වන බව ඔබ දන්නවාද. ජලය රහිත ටී.වී.පී. වල 50% ක් පමණ ප්‍රෝටීන් අඩංගු වේ. තවද එහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වුනත් මෙතයොනීන් එය මස් මෙන් නොව, විටමින් B12 වලින්ද තොර වේ. එහෙත් TVP පිළියෙල කිරීමේදී එම සියළු අඩුපාඩු එකතුකොට පූර්ණ ආහාරයක් තනාගත හැකියි. වෙළඳපොලේ විකිණීමට ඇති සොයා මස් පැකට්ටුවල එහි අඩංගු ද්‍රව්‍යයන් සටහන් කර තිබේ. වෙළෙඳ පොළෙන් බඩු ගන්නා විට ඒවායේ ඇසුරුමේ සටහන් කර ඇති තොරතුරු හොඳින් කියවා බැලීම ඉතාමත් වැදගත්. එමගින් ආහාරයේ අඩංගු ද්‍රව්‍ය සහ ඒවායේ පෝෂ්‍ය ගුණය ගැන අවබෝධයක් ඇති කරගත හැකි වේ.

 

 

 


වර්තමානයේ දී කාර්යබහුල ගෘහණියන් බොහෝ විට සෝයා මස් පිළියෙල කර ගැනීමට නිරන්තරයෙන්ම පෙළඹී සිටී. සෝයා මස් පිළිවෙල කර ගැනීම තුළින් ආහාර වේලට නැවුම් රසයක් මෙන්ම සුවඳක් ද එක්කර ගත හැකියි. වර්තමාන වෙළඳපොලේ විවිධ රස වලට සහ විවිධ හැඩවලට සෝයා මස් පැකට් විකිණීමට තිබේ. එහිදී ගෘහණියන්ට තමාගේ රුචි අරුචිකම් අනුව ඒවා තෝරා ගැනීමට සහ පිළියෙල කර ගැනීමට අවස්ථාව පවතී. නමුත් වර්තමාන වෙළඳපොලේ මිනිස් සිරුරට අහිතකර සංඝටක අඩංගු කර ඇති ආහාර වර්ග බොහෝ විට දක්නට ලැබේ. පුද්ගලයන්ගේ පවතින නොසැලකිලිමත්භාවය සහ නොදැනුවත් භාවය හේතුකොට ගෙන ඒවා තම ආහාර වේලට එක්කර ගන්නා අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි. එමගින් සිදුවන්නේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන්ම පිරිහීමකට ලක් වීමයි. එම නිසාවෙන් පුද්ගලයන් වශයෙන් ඔබ විසින් සෑම විටම වෙළඳපලට පැමිණි විට වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට උනන්දු වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. නැතිනම් ඔබ එදිනෙදා දුක්මහන්සියෙන් රැස්කරන මිල මුදල් සහ අනෙකුත් සම්පත් ඔබගේ රෝගාබාධයන් වෙනුවෙන් වැය කිරීමට සිදු වනු ඇත. වර්තමානයේ දී බොහොමයක් පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට ලක් වනුයේ වැරදි ආහාර රටාව හේතුවෙනි. එම නිසාවෙන් සැමවිටම ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට උත්සාහ කිරීම නුවණට හුරුයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1064 Views

Comments

arrow-up