කෑම ජාති

මේ ටිකේම ගෙදරට වෙලා ඉන්න එකෙන් මොනවා හරි ම කෑමක් දවස තිස්සේම අත්හදා බලන්න උත්සාහ කරන්න.
එයින් ඔබට පෝෂණ. ගුණයෙන් ඉහළ ආහාර ගෙදරදිම හදාගන්න පුලුවන් වගේම ඉතාම පහසුවෙන්, ඉක්මනින් හා පිරිසිදුවට හදා ගතහැකියි.
හාල් පිටි වන්ඬුව
අවශ්‍ය දෑ,
රතු කැකුළු සහල් පිටි 250g
යිස්ට් තේ හැදි 1/2
ගාගත් පොල් මේස හැදි 5
රස අනුව සීනි
ජලය ස්වල්පයක්
රතු කැකුළු සහල් ටික ගෙන හොදින් සෝදා එය බ්ලෙන්ඩරයට දමා හොඳින් පිටි වනතුරු කොටා ගන්න.
එයට යීස්ට් ටික දමා , ගාගත් පොල් ටික එයට එකතු කරගන්න. සීනි රස අනුව එකතු කරගන්න.
පසුව වතුර ස්වල්පයක් එකතු කොට අනා ගන්න. නිවසේ ආප්ප සාදන අවස්ථාවේදී යොදාගන්නා මිශ්‍රණයට වඩා මදක් දියාරු වන ආකාරයට මෙම මිශ්‍රණය සාදා ගත යුතුය.
එම මිශ්‍රණය පැය 12ක් පමණ පිපෙන්නට හැර, අච්චු වක දමා ස්ටිමර් එකකට දමා හොඳින් තම්බා ගන්න.
ෆිශ් බන්ස්
අවන් එකක් නැතුව කේක් හදාගන්න බැරුව ඉද්දි මොන ෆිශ් බන්ස් ද නේ ?
මාළු නැති මාළු පාන් කඩෙන් කාපු කාලෙ ඉවරයි.
අවශ්‍ය දෑ,
කැමති විදියට හදාගත්ත පිරවුමක්
පිටි 250g
යීස්ට් තේ හැඳි 1 3/4
සීනි තේ හැඳි 2
බිත්තරයක්
බටර් 60g
කිරි මේස හැඳි 3
රස අනුව ලුණු
සාදන ආකාරය,
පිටි ටික බෝල් එකකට දමා අල්ලට දාන්න පුළුවන් තරම් මද රස්නෙන් වතුර වලින් අනා ගන්නා ගමන්, සීනි දමා ගන්න.
යීස්ට් වලට මද රස්නෙ වතුර වලින් කොටසක් එකතු කරල විනාඩි 5ක් විතර තියාගන්න.
දැන් අනාගත් පිටි මිශ්‍රණය මැද වලක් හදාගෙන යීස්ට් මිශ්‍රණය එක්ක කිරි, බිත්තර සහ බටර් එකතු කරගෙන මද රස්නෙ වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන මෘදු ලෙස ඩෝ එකක් අනාගන්න.
තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වහල පැය දෙකක් පමණ තබන්න. පැය දෙකකට පස්සෙ ඩෝ එක තද කරල හුලන් ගතිය ඉවත් කරගෙන සමාන කොටස් 6කට කඩාගන්න.
එක කොටසක් බැගින් තුනී කරගෙන, පිරවුම දමා, ත්‍රිකෝණ හැඩයට හෝ රවුමට නවාගන්න.
කලින් සාදාගත් වැලි පෝරණුවක් තුළට දැමිය හැකි තැටියක් මත තබා, බිත්තර සුදුමදය තවරා තවත් පැයක් පිපෙන්න තියන්න. පෙර පරිදිම ප්‍රීහීට් කරගත් වැලි පෝරණුවේ විනාඩි 20-25ක් පමණ පිසගන්න. පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo Source: Internet
743 Views
Comments