ඊසි කුකින්

මුලින්ම සෙල්සියස් අංශක 350 ට උඳුන රත්වෙන්න තියන්න. ඒ අතරේ සීනි ටිකයි බටර් ටිකයි ක්‍රීම් එකක් වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න. මේ සඳහා බීටරයක් හරි බ්ලෙන්ඩර් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් ඒකට පිටි ටික ටික කළවම්කර මෘදු පිටි බෝලයක් වෙනකම් හොඳින් අනාගන්න. පිටි තවරා ගත ලෑල්ලක් මත අඟල් කාලක් පමණ ඝනකමට තුනී කරගෙන කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. තැටියට තෙල් කඩදාසියක් දාගෙන හදාගත්ත කුකීස් විනාඩි විස්සක් විසිපහක් විතර බේක් කරගන්න. රස්නෙ වෙනස් වෙන්න පුළුවන් නිසා රන්වන් පාට වෙනකොටම මතක ඇතිව ඉවත් කරගෙන රස බලන්න පුළුවන්.
චොක්ලට් අයිස්ක්‍රීම්
මේ වගේ රස්නෙ දවස්වල අයිස් ක්‍රීම් කන්න වැඩි දෙනෙක් කැමති. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ගෙදරදීම අයිස් ක්‍රීම් හදලා බලමු .ඊට අවශ්‍ය වෙන්නේ ද්‍රව්‍ය තුනයි.
* විප් ක්‍රීම් කප්දෙකක්
*මිල්ක් මේඩ් එකක්
*චොක්ලට් සෝස් කප් බාගයක්
මුලින්ම විප් ක්‍රීම් එක හොඳින් ඝන වනතුරු බීට් කරගන්න. ඒකට මිල්ක්මේඩ් සහ චොක්ලට් සෝස් කලවම් කරන්න. අවම වශයෙන් පැය හතරක් වත් අධිශීතකරණයේ තබන්න. එච්චරයි.
ෆ්ලැට් බ්‍රෙඩ්
පොඩි බඩගින්නට රස කෑමක් තමයි ෆ්ලැට් බ්‍රෙඩ් කියන්නේ.ඊට අවශ්‍ය වෙන්නේ
*යෝගට් ග්‍රෑම් 125ක්
*පාන්පිටි කප් එකාමාරක්
*බේකින් පවුඩර් මේස හැදි එකහමාරක්
සකස් කරන්නේ මේ සියල්ල එකට අනලා පොඩි බෝලයක් හදලා විනාඩි 10ක් පිරිසිදු තෙත රෙදි කෑල්ලකින් වහලා තියන්න. ඊට පස්සේ කොටස් හතරකට කඩලා රොටියක් විදිහට තුනී කරගෙන රත් වූ තැටියක දාල පුලුස්සා ගන්න ඕනම. ඕනම කරියක් එක්ක වගේම බටර් ටිකක් ගා ගෙන වුණත් හදිස්සියට රස බලන්න පුළුවන්.
ග්ලේස්ඩ් චිකන්
චිකන් කවුරුත් රස බලන්න කැමති. හැබැයි එක එක රස වලට. වැඩිය උයන්න පිහන්න දන්නේ නැති කෙනෙකුට වුණත් මේ විදිහට චිකන් එක හදා ගන්න හරිම ලේසියි. ඊට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තුනයි.
*ඇපල් යුෂ කප් දෙකක්
*චිකන් කෑලි තුන හතරක්
*ගම්මිරිස් කුඩු සහ ලුණු
සකස් කරගන්නේ භාජනයකට ඇපල් යුෂ ටික දාගෙන රත් වෙන්න ලිප තියන්න. ලුණු කුඩු ගම්මිරිස් කුඩු අත ගාගත් මස් ටික එයට දාන්න. ඉතාම අඩු ගින්දරේ විනාඩි පහළොවක් විතර තැම්බෙන විට හැදිගාන්න කරන්නත් අමතක කරන්න එපා. ඇපල් සිරප් ටික හිදුනට පස්සේ ලිප නිවාගන්න.
පහසුවෙන් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගන්නේ නැතුව මේ වගේ රස කෑම ගෙදරදි හදලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
658 Views
Comments