ගුණදායී සුප් වර්ග 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
26

ගුණදායී සුප් වර්ග 02

ගුණදායී සුප් වර්ග 02

මේ දිනවලදී පෝෂ්‍යදායක ආහාර වර්ග ගෙදරදිම හදාගන්න පුලුවන් නම් වඩාත් හොදයි.

එලෙස සකස් කරගැනීමට හැකි පෝෂණයෙන් ඉහළ සුප් වර්ග කිහිපයක් අප ඔබට කියලා දෙනවා. ඔබත් මේ සුප් වර්ග හදලා රස බලන්න.

 වට්ටක්කා සුප්

අවශ්‍ය දෑ,

වට්ටක්කා 500g
ජලය
පොල් කිරි කෝප්ප 1
බී ළූණු ගෙඩි 1 හෝ රතුළූණු ගෙඩි කිහිපයක්
සුදු ලුණු බික් කිහිපයක්
ලුනු රස අනුව අවශ්‍ය ප්‍රමාණයට
බටර් මේස හැදි 1

සාදන ආකාරය,

වට්ටක්කා, බී ළුණු ගෙඩිය සහ සුදු ළුණු කුඩා කොටු කැබලි වලට කපාගන්න.

තෙල් දැමූ සාස්පානක් ලිප තබා එයට බී ළුණු සහ සුදු ළුණු දමා තෙම්පරාදු කර ගන්න. වට්ටක්කා ටිකත් එයට එකතු කරගන්න.

දැන් එයට ජලය එකතු කර හොඳින් තම්බාගන්න. වට්ටක්කා හොදින් තැම්බුන පසු මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩර් කර, නැවත භාජනයට දමන්න.

දැන් එයට පොල් කිරි කෝප්පය කවලම් කර නැවත ලිප තබා මද රස්නයෙන් පිස ගන්න. අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුනු යොදන්න.

විනාඩි 5 ක් පමණ පොල්කිරි නටන්න හැර ලිපෙන් බාගන්න. උණු උණුවෙම පිළිගන්වන්න.

 

 

 


එළවලු සුප්

අවශ්‍ය දෑ,

කැරට්
බෝංචි
ගෝවා
පරිප්පු
අල
ලූණු
කරපිංචා
ලුණු රස අනුව
තුනපහ

සාදන ආකාරය,

එළවලු ටික හොඳින් පිරිසිදු කරගෙන තරමක ලොකු කැබලි කපාගන්න.

එය බදුනකට දමා රස අනුව ලුණු හා තුනපහද දමා එළවළු ටික වැසී යන පරිදි ජලය දමන්න.

දැන් ලිප තබා එළවලු ටික හොඳින් තැම්බෙන විට ලිපෙන් ඉවතට ගන්න අවශ්‍ය නම් සුප් දියර වෙන්කර ගෙන බබාලා ඉන්න අම්මලට එයාලගෙ බබාලට දෙන්න පුළුවන්.
නැතිනම් මිශ්‍රණය බෙන්ඩර් කර තලපය වුවුද බබාට දෙන්න පුලුවන්.

වැඩිහිටියන්ට වුවත් ඉතා සුදුසු පෝෂණයෙන් ඉහළ මෙම සුප් වර්ගය දෙන්න පුලුවන්. ගන්නා එළවළු ඔබේ කැමැත්ත මත තෝරා ගැනීමට හැකියි.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 

views

1341 Views

Comments

arrow-up