යෝගට් කේක්

මේක ප්‍රංශයේ රෙසිපි එකකට හදන්න පුළුවන් කේක් එකක්. එයාලගෙ විදියට මේක ඕන වෙලාවක කන්න පුලුවන් වගේම ඕන වෙලාවක හදන්නත් පුළුවන් කේක් එකක්. හරිම රසට පහසුවෙන් හදාගන්න පුළුවන් මේ යෝගට් කේක් එක ඔබත් හදලා බලන්න.
අවශ්‍ය දේවල්:
• සම්පූර්ණ යොදය සහිත යෝගට් (රස නොගැන්වූ) 250 ml
• ලොකු බිත්තර 2
• සීනි 160g (කෝප්ප 3/4)
• වැනිලා තේ හැඳි 1
• එළවළු තෙල් 80ml
• පාන් පිටි 250g (කෝප්ප 2)
• බේකින් පවුඩර් තේ හැඳි 1 ½
• බේකින් සෝඩා තේ හැඳි ½
• ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් 175ට රත්කරගන්න. ඊට පස්සෙ අගල් 10 රවුම් කේක් තැටියක් (පෑන් එකක්) අරන් ඒකට බේකින් පේපර්/ තෙල් කඩදාසි දාලා ලෑස්ති කරගන්න. දැන් ඉඩකඩ තියෙන භාජනයක යෝගට්, බිත්තර, සීනි, වැනිලා සහ තෙල් දාලා හොදට කලවම් කරගන්න. වෙන භාජනයක පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු හොදට කලවම් කරගන්න. පිටි මිශ්‍රණය දැන් යෝගට් මිශ්‍රණයට දාලා බොහොම පරිස්සමට කලවම් කරගන්න. බීටරයක් පාවිච්චි කරන්න එපා. පිටි ටික යෝගට් මිශ්‍රනයෙන් වහගන්නකන් විතරයි මිශ්‍රකරන්න ඕනා. මේක මේ විදිහට කලවම් කරගන්නේ, කේක් එක අපිට ඉතාම මෘදුවට අවශ්‍යය නිසා. මේක කේක් හදන තාක්ෂණයක්. මේකට කියන්නේ "ෆෝල්ඩ් ඉන්" මෙතඩ් කියලා. පිටයි යෝගට්ටුයි කලවම් වෙනකන් විතටයි. වැඩිය ඇනුනොත් කේක් එක සොෆ්ට් වෙන්නැහැ. දැන් මේ මිශ්‍රණය කලින් ලෑස්ති කරගත්තු බේකින් පෑන් එකට දාගන්න.
විනාඩි 30-35 බේක් කරගන්න කේක් එකේ මතුපිට දුඹුරු පාට වෙනකන්. එහෙම නැත්නම් ඉරට්ටක් කේක් එකේ ඇනලා ඒක පිරිසිදුවට එළියට ආවනම් ඒ කියන්නේ කේක් එක අවශ්‍යය තරමට බේක් වෙලා. විනාඩි 10ක් කේක් තැටියේම (පෑන් එකේම කේක් එක තියන්න හැරලා ඊට පස්සෙ කේක් එක හොදටම නිවෙන්න තැටියෙන් ඉවත් කරගෙන රැක් එකකට මාරු කරගන්න. රැක් එකකටම මාරු කරන්න ඕන නෑ. කේක් එක හොදට නිවෙනකම් කොහෙන් හරි තියා ගත්තානම් හරි. දැන් ඉතින් අපි රසට හදා ගත් යෝගට් කේක් එක හොඳට බේක් වෙලා. හොදටම නිවුනම කපලා කන්න තමයි තියෙන්නෙ ඉතින්. හොඳට කිරි රසට තියෙන නිසා යෝගට් කියන්නෙත් සිරුරට සීතල ගෙන දෙන නිසා පුංචි දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම හවසට තේ බලන්න කියාපු කේක් එකක් තමයි යෝගට් කේක් කියන්නේ.
by Dilki Shamani
Photo source : Internet
695 Views
Comments