රේන්බො රයිස් කේක් - Rainbow Rice Cake
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

රේන්බො රයිස් කේක් - Rainbow Rice Cake

රේන්බො රයිස් කේක් - Rainbow Rice Cake

කේක් කිවුවම අපිට මතක් වෙන්නේ පාන් පිටි යොදාගෙන සකස් කර ගන්න කේක් වර්ග නේ. අද අපි ඔයාලට හාල් පිටි සහ මඤ්ඤොක්කා පිටි එක්කරගනිමින් සකස් කළ හැකි ඉතාමත්ම රසවත් කේක් රෙසපියක් ගෙනාවා.

මෙය පෝෂණ ගුණයෙන් ඉහළ වගේම දේදුන්නක් වැනි වර්ණවත් කේක් එකක් නිසාම අපි මෙයට රේන්බො රයිස් කේක් කියාලා හදුන්වනවා. අපි බලමු මේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය,

- හාල් පිටි කෝප්ප 01 ක්
- මඤ්ඤොක්කා කෝප්ප 3/4 ක් ( මඤ්ඤොක්කා හොඳින් සුද්ද කර එය තම්බා හොඳින් වියළා ගෙන ග්‍රයින්ඩරයක ආධාරයෙන් පිටි කරගන්න )
- සීනි කෝප්ප 3/4 ක්
- පොල් කිරි කෝප්ප 1/4 ක්
- රම්පේ පේස්ට් තේ හැඳි 1/2 ක් ( රම්පෙ කොළ ගෙන පල්ප් එකක් ලෙස බ්ලෙන්ඩර් කරගන්න )
- ලුණු රස අනුව අවශ්‍ය ප්‍රමාණයට
- කලරිං ( කැමති වර්ණ කිහිපයක් )

සාදාගන්නා ආකාරය,

පිටි වර්ග දෙක එකට බදුනකට මිශ්‍ර කර ගන්න. එයට ලුණු , සීනී සහ රම්පේ පේස්ට් එක එක් කරගන්න. දැන් එයට පොල් කිරි ටික ටික දමා හොඳින් උකු වන තුරු කලවම් කරමින් බැටර් එක සාදාගන්න.

මේ බැටර් එක කොටස් කිහිපයකට වෙන් කරගෙන භාජන කිහිපයකට දමන්න. දැන් මේ එක් එක් භාජනයට ඔබ කැමති වර්ණකයන් කිහිපයක් යොදා කලවම් කරගන්න.

දැන් රවුම් හෝ කොටු තැටියක් ගෙන එහි හොඳින් බටර් තවරන්න. ගෑස් ලිපේ නම් වයර් රැක් එකක් වතුර භාජනයකට දමා ලෑස්ති කර ගන්න. රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ දමා හදාගන්නත් පුළුවන්.

 


දැන් මිශ්‍රණ වලින් එක් කොටසක් තැටියට දමා ෆොයිල් කොළයකින් වසා හුමාලයෙන් තැම්බෙන්න තියන්න. විනාඩි 05 කට පමණ පසුව හොඳින් තැම්බී ඇත්නම් තවත් මිශ්‍රණ කොටසක් එය මතට දමා නැවතත් විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.

මේ ආකාරයෙන් එකින් එක කොටස් දමා තම්බා ගන්න. වර්ණ මිශ්‍ර කරගත් කොටස් සියල්ලම හොඳින් තම්බාගත් පසුව ලිපෙන් බා මඳක් නිවෙන්නට හරින්න.

නිවුණු පසු තැටිය පිගානකින් වසා අනෙක් පැත්ත හරවන්න. එවිට කේක් එක පිගාන මතට වැටේවී. සිහින් නූලක් ආධාරයෙන් හෝ බටර් ගාගත් පිහියකින් කැමති හැඩයකට කපා ගන්න.

කැමති නම් ශීත කර පිළිගන්වන්න. මෙය ක්ලිං රැප් එකක ඔතා සුළං නොවදින භාජනයකට දමා දින 02 ක් පමණ ශීතකරණයේ තැබීමට හැක.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

788 Views

Comments

arrow-up