දන්දිල ටොෆි සහ බැදගත් මඤ්ඤොක්කා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

දන්දිල ටොෆි සහ බැදගත් මඤ්ඤොක්කා

දන්දිල ටොෆි සහ බැදගත් මඤ්ඤොක්කා

විටින් විට අපි ඔබ වෙත දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් සාදාගත හැකි විවිධ වර්ගයේ ගුණදායික ආහාර පාන වර්ග ඉදිරිපත් කළා.

අදත් අපි තේ මේසයට ගැළපෙන රස කැවිලි 02 ක් ගෙනාවා. දේශීය අල වර්ග දෙකක් අපි මේ කැවිලි සඳහා යොදාගන්නවා.


 

දන්දිල ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය ,

-
දන්දිල අල ග්‍රෑම් 200 ක්
- සීනි ග්‍රෑම් 350 ක්
- වතුර කෝප්ප 1/2 ක්
- මාගරින් ග්‍රෑම් 30 ක්

සාදාගන්නා ආකාරය,

මුලින්ම දන්දිල අල පිරිසිදු කර භාජනයකට දමා හොඳින් තම්බා ගන්න. තම්බාගත් දන්දිල අල ටික හොඳින් පොඩි කර ගත යුතුයි. දැන් භාජනයක් ගෙන ලිප තබා එයට සීනි සහ වතුර එක්කර උණු කරගන්න.

එම මිශ්‍රණය මදක් උකු වන විට පොඩි කරගත් අල ටික දමා හොඳින් කලවම් කරගන්න. කුඩු කර ගත් එනසාල් කරාබුනැටි ස්වල්පයක් හෝ වැනිලා ස්වල්පයක් හෝ ඔබ කැමති නම් එකතු කර ගත හැකියි. නමුත් එය අවශ්‍යම නැත. දැන් මෙයට මාගරින්ද එකතු කර පදම එනතුරු හොඳින් හැඳිගාන්න.

පදම පැමිණි විට ලිපෙන් ඉවතට ගෙන මාගරින් තවරා ගත් තැටියකට දමා තුනී කර කැමති හැඩයකට කැබලි කපා ගන්න.

 

 

බැදගත් මඤ්ඤොක්කා

අවශ්‍ය ද්‍රව්‍ය,

-
මඤ්ඤොක්කා ග්‍රෑම් 500 ක්
- සීනි ග්‍රෑම් 500 ක්
- බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල්

සාදාගන්නා ආකාරය,

මඤ්ඤොක්කා අල හොඳින් පිරිසිදු කර අගල් 1 1/2 පමණ කැබලි වලට කපා භාජනයකට දමා වතුර එක්කර තම්බාගන්න. ඉන්පසු ලිපෙන් බා නිවුණු පසු තීරු වලට කපා අව්වේ හොඳින් වියළා ගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ බැදගන්න.

භාජනයකට සීනි දමා එයට වතුර ටිකක් දමා උණුකර පත්පැණි සාදන්න. බැද ගත්
මඤ්ඤොක්කා ටික එයට දමා හොඳින් කලවම් කර ලිපෙන් බාගෙන නිවෙන්නට හැර සුළං නොවදින භාජනයකට අසුරන්න.

ඔබ කැමති නම් පත්පැණි කොටස් කිහිපයකට වෙන් කර විවිධ රසකාරක හා වර්ණක යොදා වර්ණවත්ව සකස් කර ගත හැක.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

896 Views

Comments

arrow-up