විවිධ රසට ඉස්සන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

විවිධ රසට ඉස්සන්

විවිධ රසට ඉස්සන්

ටිකක් සැර කෑමක් වුනත් ඉස්සො කියන්නෙ අපි කවුරුත් කන්න ආසා කරන කෑමක්නෙ. ඒ හින්දම ඉස්සො හදන විදි ගොඩක් තියෙනවා. දැන් මේ කියලා දෙන්න යන්නෙත් එහෙම ඉස්සො රසම රසට හදාගන්න පුලුවන් තවත් ක්‍රම කිහිපයක් ගැන.

 

කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්

 

මේක ඉන්දියාවේ කට්ටිය ඉස්සො හදන විදිහක්. මේ විදියට ඉස්සො හදාගත්තම බත් එක්ක විතරක් නෙමෙයි පාන්, ඉදිආප්ප, තෝසෙ වගේ දේවල් එක්ක වුනත් කෑමට ගන්න පුළුවන් ඔයාලට.

 

අවශ්‍ය ද්‍රව්‍ය
 

ඉස්සො ග්‍රෑම් 500
පොල් තෙල් මේස හැදි 1
උළු හාල් තේ හැදි 1
කහ තේ හැදි ½
අබ ඇට තේ හැදි 1
කරපිංචා කොළ ටිකක්
පොල් කිරි කෝප්ප 1
වතුර කෝප්ප ¼
ලුණු පොඩ්ඩක්
ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
දෙහි යුෂ
කපාගත්ත ළුණු ගෙඩි 1
රතු මිරිස් කරල් 1
ඉගුරු ග්‍රෑම් 30
සුදු ළුණු බික් 4

සාදාගන්නා ආකාරය:

 

 

මුලින්ම ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගන්න. ඒ කිව්වෙ ක්‍රීම් එකක් වගේ. දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ටිකක් අඩු ගින්දරේ තෙල් ටික රත් කරගන්නතෙල් රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරන්න ඕනෙ. ඊළගට අපි කලින් හදාගත්ත ළුණු පේස්ට් එක මේකට එකතු කරලා විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න. ඊට පස්සෙ ඉස්සො ටිකයි වතුරයි එකතු කරලා ඉස්සො ටික තැම්බෙනකම් ලිපේ තියාගන්නඉස්සො ටික තැම්බීගෙන එනකොට අපි ඒකට පොල් කිරි, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. දැන් ඉන්දියානු ක්‍රමයට ඉස්සන් වෑංජනය සූදානම්.
 


ඉස්සන් කිරි හොදි
 

 

අවශ්‍ය දේවල්:
 

 

ඉස්සන් ග්‍රෑම් 500
කහ කුඩු
අඹරා ගත් අබ තේ හැඳි 1 යි
බැදගත් උළුහාල් ස්වල්පයක්
රතුලූණු ගෙඩි 3 යි
දෙහි යුෂ මේස හැඳි 1 යි
ඉදුණු මිරිස් කරල් 2
ගොරක කැබලි 3
පොල් කිරි කෝප්ප 5 යි
අඹරා ගත් තුනපහ කුඩු තේ හැඳි 1 යි
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු, රම්පෙ, කරපිංචා


 

සාදාගන්නා ආකාරය:
 

 

ඉස්සන් සෝදා අවශ්‍ය නම් පමණක් පොතු ඉවත්කර බඳුනකට දමන්න. දෙහි, අබ, කහ හැර අනෙක් සියලුම කළමනා දමා වතුර කෝප්ප තුනක් පමණ දමා ලිප තබන්න. ඉස්සන් තැම්බුන පසු පොල් කිරි වලට ඉතුරු කර ගත් කහ, අබ, දෙහි ඇඹුල් යොදා වක්කරන්නහොද්දේ කිරි කැටි නොගැසෙන්නට, හොඳින් හැඳි ගා ලුණු ඇඹුල් බලා ලිපෙන් ඉවතට බා ගන්න. වඩා රසවත් කිරීමට හොද්ද උයන විට මුරුංගා කොළ ස්වල්පයක් එකතු කරන්න.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

 

views

716 Views

Comments

arrow-up