ඕට්ස් හා ඉතුරු බත් මස්කට්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ඕට්ස් හා ඉතුරු බත් මස්කට්

ඕට්ස් හා ඉතුරු බත් මස්කට්

ඕට්ස් සහ බත් කියලා කියන්නේ එකකට එකක් වෙනස් රසයක් හා ගුණයක් ඇති ආහාර වර්ග දෙකක්. අද අපි ඔයාලට මේ වර්ග දෙකම එකතු කරගෙන ඉතාමත් පහසුවෙන් සෑදිය හැකි මස්කට් එකක් අරගෙන ආවා.

හැමදාමත් අළුත් අළුත් කෑම වර්ග අපි ඔයාලට ගෙනාවා වගේ අදත් ඒ වගේ අළුත් කෑමක් ගෙනාවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය,

- ඉතුරු සුදු බත් අඩු කෝප්ප 01 ක් ( උයා ඉතිරි වුණ බත් )
- ඕට්ස් අඩු කෝප්ප 1/2 ( ඕට්ස් ග්‍රයින්ඩරයට දමා හොඳින් කුඩු කර ඉන්පසු අඩු කෝප්ප 1/4 මැනගන්න )
- සීනි කෝප්ප 1/4 ක්
- වතුර මේස හැඳි 05 ක් පමණ
- බටර් හෝ මාගරින් මේස හැඳි 01 ක්
- වැනිලා ස්වල්පයක්
- කැමති වර්ණයක කලරිං
- කෝන් ෆ්ලවර් මේස හැඳි 1 1/2 ක්

 


සාදාගන්නා ආකාරය,

මුලින්ම බත් කෝප්පය බ්ලෙන්ඩරයට දමා උකු වන තුරු බ්ලෙන්ඩර් කර ගන්න. එයට ඕට්ස් ටිකත් දමා නැවතත් බ්ලෙන්ඩර් කර ගන්න. වතුර මේස හැඳි 03 ක් හා කෝන් ෆ්ලවර් ටිකත් එම මිශ්‍රණයට දමා බ්ලෙන්ඩර් කර පසෙකින් තබන්න.

භාජනයක් ලිප තබා සීනි සහ ඉතුරු වතුර මේස හැඳි 02 ක දමා පත්පැණි වන සේ උණු කරගන්න. නූලක ආකාරයෙන් ඇදෙන විට එයට බ්ලෙන්ඩර් කර ගත් බත් හා ඕට්ස් මිශ්‍රණය දමා අඩු ගින්දරේ කලවම් කරගන්න.

වැනිලා හා කලරිං යොදා මිශ්‍රණය හොඳින් උකු වන තුරු නොනවත්වා හැඳි ගාගන්න. දැන් උකු වී බුබුළු මතු වන විට එයට බටර් හෝ මාගරින් දමා භාජනයේ අඩියේ නොඇලෙන ගානට මිශ්‍රණය ගන්න.

 


තැටියක හෝ ලෑල්ලක බටර් හෝ මාගරින් තවරා සාදාගත් මිශ්‍රණය දමා තුනී කරගන්න. කැමති නම් පමණක් කුඩාවට කපා ගත් කජු ස්වල්පයක් උඩින් ඉසින්න. ශීතකරණයේ තබා මදක් සිසිල් වූ පසු කැමති හැඩයකට කැබලි කපා ගන්න.

ඔබට කැමතිනම් මෙම රෙසපියට මිශ්‍රණය සඳහා මුදරුස්පලම් , වැනිලා වෙනුවට එනසාල් , කරාබුනැටි කුඩු ස්වල්පයක්ද යොදා ගත හැකියි. වෙනස් වූ ක්‍රමයන්ට සකස් කර බලන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

665 Views

Comments

arrow-up