අවන් එකක් නැතුව හදන පීසා

කෑම හදන්න අවන් එකක් තිබුනොත් ලේසියි. හැබැයි අවන් එකක් නෑ කියලා අපි ආසා කෑම හදන්නේ නැතුව ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය වෙන්නේ පොඩි නිර්මාණශීලීත්වයක්. ඉතින් අවන් එකක් නැතුව පීසා හදන්නේ කොහොමද කියලා අපි බලමු.
ඊට අවශ්‍ය වෙන්නේ
*පාන්පිටි කප් දෙක හමාරක්
*මද උණුසුම් වතුර කප් එකක්
*ලුණු තේ හැඳි එකක්
*ඔලිව් තෙල් මේස හැදි දෙකක්
*යීස්ට් හැඳි එක හමාරක්
*සීනි තේ හැඳි එකක්
මුලින්ම මද උණුසුම් වතුරෙන් සහ යීස්ට් හා සීනි එක් කරලා විනාඩි දහයක් විතර පසෙකින් තියන්න අවශ්‍ය වෙනවා. පිටි ටික අනන්න දැමිය හැකි තරම් ලා රස්නයෙන් වතුර ගැනීමට අමතක කරන්න එපා. පමණට වඩා රස්නය වැඩි වුනොත් යීස්ට් වල ක්‍රියාකාරීත්වය නැතිව යන්නත් පුළුවන්. ඉන්පසු විනාඩි දහයකට පමණ පසුව පැසෙන්න තබාගත් යීස්ට් මිශ්‍රණය පිටි එකට දමා ඔලිව් තෙල් එක්කර හොඳින් අත් ගසා අනා ගන්න අවශ්‍ය වෙනවා. අනාගත් පිටි මෝලිය පැය කාලක් පමණ පොලිතීන් එකකින් කවර් කරලා ටිකක් උණුසුම ස්ථානයකින් පිපෙන්න තියන්න වෙනවා. පිසා ඩෝ එක දැන් රෙඩි.
මේක කැමති ආකාරයට අපිට සකස් ගන්න පුළුවන්. කැමති නම් කුකුළු මස් නැත්නම් සොසේජස් හෝ නිවසේ තියෙන ඕනෑම දෙයකින් ඔබේ රසට පීසා එක සකස් කර ගන්න පුළුවන්. අවන් එකක් නැතුව පීසා හදන්න අපිට ඕන වෙන්නේ නොන්ස්ටික් පෑන් එකක්. පුදුමයි නේද නොන්ස්ටික් පෑන් එකේ අපි pizza හදමු.
අපි පිටි කෝප්ප දෙකහමාරකින් මේ හදන පීසා එක දෙන්නෙකුට හොඳටම සෑහෙනවා. පිපෙන්න තියාගත් ඩෝ එකට පිටි හලා ලෑල්ලක පෑන් එකේ size එකට රවුමට තුනී කරගන්න අවශ්‍ය වෙනවා. රවුම පුරාම තැනින් තැන ටූත් පික් එකෙන් සිදුරු කරගත්තාම අපිට මෙය පිසගන්න ඉතාම පහසු වෙනවා. රවුමට කපාගත් ඩෝ එක පෑන් එකට දාලා ලිප උඩ තියලා අඩු ගින්දරේ විනාඩි දහයක් විතර රත්වෙන්න පියනකින් වහලා තියන්න. විනාඩි දහයකට පස්සේ ළිපෙන් ඉවත් කරගෙන පීසා රොටියට සෝස් ටිකක් එක් කරලා ඔබේ රස අනුව සකස් කරගත ටොපින් එක දාගෙන ඊට උඩින් මොසරැල්ලා චීස් දාන්න. දැන් විනාඩි දහයක් පහළොවක් විතර අඩු ගින්දරේ පෑන් එක ලිපේ තියලා කලින් වගේම පියනකින් වහලා මද ගින්දරේ පිසගන්න.
අවන් එකක් තිබුණේ නෑ කියලා ඔබ ගෙදරදි සකස් ගැන pizza එකේ රසය වෙනසක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔබත් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ පෑන් පීසා එක සකස් කරලා රස බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
837 Views
Comments