රස චට්නි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

රස චට්නි

රස චට්නි

විවිධ පලතුරු සහ එළවළු වර්ග වලින් චට්නි වර්ග සකස් කර ගන්න පුළුවන්. මේ සූදානම් වන්නේ ඒ වගේ රසට හදාගන්න පුළුවන් චට්නි වර්ග කිහිපයක් ඔබට කියන්න.

රට ඉදි චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය
*රට ඉඳි කිලෝ ග්‍රෑම් එකක්
*විනාකිරි බෝතල් බාගයක්
*සුල්තානා ග්‍රෑම් 125ක්
* මිරිස් කුඩු මේස හැදි දෙකක්
*කපා ගත් කජු ගෙඩි 25ක්
* සීනි මේස හැදි 10ක්
*අඟල් 2ක පමණ කුරුඳු කැබැල්ලක්
*තලා ගත් සුදු ළූණු බික් දෙකක්
*තලා ගත් අඟලක පමණ ඉගුරු කැබැල්ලක් *වතුර කෝප්ප හතරක්
* ලුණු කුඩු මේස හැදි දෙකක්

සාදන ක්‍රමය
රටඉඳි සෝදා ඇට ඉවත්කර බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න. සියලුම ද්‍රව්‍ය එකතු කොට ගොරෝසු වන තෙක් මදගින්නේ පිසගන්න. දැන් හොඳින් ජීවානුහරණය කරනු ලැබූ භාජනයක ඒවා අසුරන්න.

 

 

 


කෙසෙල් ගෙඩි චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය
*හොඳින් ඉදුනු කෙසෙල් ගෙඩි ග්‍රෑම් 450ක් *ඇපල් ගෙඩි දෙකක්
*වියළි මුද්දරප්පලම් ග්‍රෑම් 125ක්
*ලුණු
* සීනි ග්‍රෑම් 225 ක්
*අමු ඉගුරු ග්‍රෑම් 25ක්
* විනාකිරි බෝතල් බාගයක්
* ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය
කෙසෙල් හා ඇපල් වල ලෙලි ඉවත් කර කුඩා කැබලිවලට කපා මොළොක් වන තුරු විනාකිරෙන් තම්බන්න. ඉන්පසු ලෙලි හැර ගත් කෙසෙල් ගෙඩි පොඩිකර ඊට එකතු කරන්න. අමු ඉගුරු ගම්මිරිස් විනාකිරෙන් අඹරා සීනි සමග ඉහත කී මිශ්‍රණයට එක්කර තම්බා පදමට ආ විට ලිපෙන් බා ගන්න.

වට්ටක්කා චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය
*වට්ටක්කා ග්‍රෑම් 450ක්
*විනාකිරි බෝතල් බාගයක්
*ලුණු කුඩු තේ හැඳි දෙකක්
*මිරිස් කුඩු මේස හැදි දෙකක්
*තලාගත් සුදුලූනු බික් තුනක්
*තලාගත් ඉගුරු කැබලි එකක්
*සිහින්ව ලියාගත් රටඉඳි ග්‍රෑම් 50ක්
* සීනි මේස හැඳි 6ක්

සාදන ක්‍රමය
වට්ටක්කා සෝදා කැබලි කපා ලුණු හා වතුර දමා තම්බා ගන්න. තැම්බුණු පසු ඉවත් කර පොඩි කරගන්න. එය පසෙක තබා විනාකිරි මිරිස් සීනි ඉඟුරු හා ලුණු කුඩු තේ හැඳි එකක් දමා ලිප තබා නටවා ගන්න හොඳින් පැසුනු පසු පොඩිකරගත් වට්ටක්කා ටික එකතු කර ලිප තබා උණු කරන්න.

මේ විදියට විවිධ රසට විවිධ චට්නි වර්ග ඔබට නිවසේදී පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. ඒවා කෑම වර්ග රස කරන්න වගේම පාන් වගේ දේවල් රස බලන්නත් ඔබට යොදා ගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

623 Views

Comments

arrow-up