අවන් එකක් නැතුව කේක් හදමු

සාමාන්‍යයෙන් අවන් එකක් යොදාගෙන අපි වැඩිපුරම සකස් කරන කෑමක් තමයි කේක් කියන්නේ. නමුත් අවන් එකක් නැතුව උනත් කේක් හදන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? අපි අවන් එකක් නැතුව කේක් හදමු. ඊට අවශ්‍ය වෙන්නේ
* පාන් පිටි ග්‍රෑම් සීයක්
* සීනි ග්‍රෑම් සීයක්
* බිත්තර දෙකක්
*කිරි මේස හැඳි දෙකක්
* බටර් ග්‍රෑම් සීයක්
*වැනිලා තේ හැඳි කාලක්
*බේකින් පවුඩර් තේ හැන්දක්
බටර් සීනි සහ බිත්තර හොඳින් හොඳින් බීට් කරගෙන මිශ්‍රණය සකස් කරගන්න අවශ්‍ය වෙනවා. බටර් මිශ්‍රණය වෙනත් බදුනකට දාලා එයට කිරි සහ වැනිලා එක් කරලා බේකින් පවුඩර් මිශ්‍ර කරලා පිටි ටික ටික කලවම් කරමින් කේක් මිශ්‍රණය හදාගන්න අවශ්‍ය වෙනවා. අවන් එකේ හදන කේක් මිශ්‍රණයම මීට අවශ්‍ය වෙනවා. අපි කේක් එක අවන් කරගන්නේ නැතුව ස්ටීම් කරගන්න යන්නේ. ඊට අපිට ස්ටීම් කරන්න පුළුවන් භාජනයක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට අපිට රයිස් කුකර් එකේ ස්ටීමර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ස්ටීමර් එකේ බඳුනට බටර් තවරා ගෙන කේක් මිශ්‍රණය පුරෝගන්න ඕන. ඉන්පස්සේ ඇතුලට හුමාලෙ යන්නේ නැති විදියට ෆොයිල් පේපර් එකකින් වසා ගෙන සාමාන්‍ය විදිහට ස්ටීමර් එකේ තියලා විනාඩි 45ක් විතර ස්ටීම් කරගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් වතුර භාජනයක් තුළට කේක් දැමූ භාජනය දාලා පියනකින් වහලා ඩබල් බොයිල් ක්‍රමයට උනත් ඔබට ස්ටීම් කරගෙන කේක් එක හදා ගන්න පුලුවන්.
ස්ටීම් කරලා අවන් එකක් නැතුව කේක් හදාගන්න පුළුවන් එක ක්‍රමයක්. දැන් අපි බලමු පෑන් එකේ කොහොමද කේක් එකක් හදාගන්නේ කියලා.
ඊට අවශ්‍ය වෙන්නේ
* පිටි කප් එකක්
*සීනි කප් එකක්
*වැනිලා ටිකක්
* බිත්තර තුනක්
මුලින්ම බිත්තර සීනි වැනිලා ටික වේලාවක් බීට් කර ගන්න ඕන. මේ මිශ්‍රණය හොඳින් බීට් උනහම හොඳ පිම්බුණු පෙනුමක් එනවා. දැන් ඒකට පිටි ටික ටික එකතු කරමින් හොඳින් පත්තකින් මිශ්‍ර කරගන්න ඕන. ඉන්පස්සෙ රවුම් ටිකක් උස නොන්ස්ටික් බඳුනකට බටර් ටිකක් තවරගෙන රත් වෙන්න ලිප තබා ලිප උඩම තියෙනකොට සාදාගත් කේක් මිශ්‍රණය පුරවා ගන්න ඕන. ඉන්පසු පියනකින් විනාඩි විස්සක් විසිපහක් විතර වහල තිබුනාම අඩු ගින්දරේ පිසගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔබට පෑන් එකේ රසට හදපු කේක් එක ලබාගන්න පුළුවන්. අවන් එකක් නැතුව කේක් මේ විදියට හැදුවා කියලා කේක් වල රසය නම් අඩුවක් වෙන්නේ නැහැ. මේ විදිහට කේක් හදලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
1871 Views
Comments