චොකලට් ට්‍රයිෆල් - Chocolate trifle
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

චොකලට් ට්‍රයිෆල් - Chocolate trifle

චොකලට් ට්‍රයිෆල් -  Chocolate trifle

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  චොකලට් ග්‍රෑම් 400 ක්
  •  බිත්තර 08 ක්
  •  සීනි ග්‍රෑම් 400 ක්
  •  අයිසින් ෂුගර් ග්‍රෑම් 200 ක්
  •  කජු ග්‍රෑම් 200 ක්
  •  ඔබ කැමති වර්ගයේ ජෙලි පැකට් 1 ක්
  •  ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 400 ක්

 

සාදාගන්නා ආකාරය,

 

මුලින්ම ජෙලි පැකට් එක අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර යොදා මිශ්‍ර කර ශීතකරණයේ තබාගන්න. ඉන්පසු කජු ටික ගෙන එය පොඩි කැබලි වලට කපා මදක් බැදගන්න. අනතුරුව චොකලට් ටික ගෙන එය ඩබල් බොයිල් කරගෙන එයට කලින් බැදගත් කජු ටික එකතු කරගෙන තැටියකට දමා ශීතකරණයේ තබන්න. ෆ්‍රෙෂ් ක්‍රීම් වලට අයිසින් ෂුගර් ටික එකතු කර හොඳින් බීට් කරගන්න. පැයකට පමණ පසු සෙට් වෙන්න තබා ගත් චොකලට් තැටිය ගෙන එය තරමක කැබලි වලට කඩාගන්න. ජෙලි ටිකත් කැබලි වලට කපා ගන්න. ඉන්පසු කපා ගත් චොකලට් සහ ජෙලි කැබලි ටික බීට් කරගත් ෆ්‍රෙෂ් ක්‍රීම් එකට එකතු කර පිළිගන්වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

464 Views

Comments

arrow-up