ස්පැගටි හොට්ඩෝග්ස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

ස්පැගටි හොට්ඩෝග්ස්

ස්පැගටි හොට්ඩෝග්ස්

ස්පැගටි හොට්ඩොග්ස් ඉතාම රසවත් ආහාරයක්. අපි බලමු මොනවද ඔනි වෙන්නේ, කොහොමද අපි මේක හදන්නේ කියලා.

 

මූලිකවම අපිට අවශ්‍ය වෙනවා :

 

  • සොසේජස් අවශ්‍ය පමණ
  • ස්පැගටි අවශ්‍ය පමණ

 

 

සෝස් මිශ්‍රනය සදහා :

 

  • තක්කාලි ගෙඩි 4
  • සුදු ළුෑණු ගෙඩි 2
  • බී ළුෑණු ගෙඩියක්
  • අමු මිරිස් කරල් 5
  • කරපිංචා
  • ඉගුරු ස්වල්පයක්
  • ඔලිව් තෙල් හෝ මාගරින් ස්වල්පයක්
  • කෑලි මිරිස්
  • සුප් කැටයක්
  • ලුණු ගම්මිරිස් ස්වල්පයක්
  • කැමති නම් සීනි 
  • කැමති නම් ප්‍රෙශ් ක්‍රීම්

 

මුලින්ම එක සොසේජස් කරලක් 4 ට කපා ගන්න. ස්පැගටි එක කූරක් 2කට කඩා ගන්න. එක සොසේජස් කෑල්ලකට මේ කුරු 6 ක් පමණ ගසන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණය මෙසේ සූදානම් කර ගන්න. දැන් උණු වතුර භාජනයකට ලුණු හා තෙල් ටිකක් දමා සොසේජස් දමා සාදා ගත් ස්පැගටි ටික බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් මෙහි වතුර පෙරා නැවත් ඇල් වතුරෙන් සෝදා ගන්න.

 

 

දැන් අපි සෝස් එක හදමු  : 

 

සියලුම දේවල් හීනියට කපා ගන්න. කැමති නම් තක්කාලිද එසේ කපා ගන්න. නැත්තම් බෙරෙන්ඩර් කරගන්න. ඔලිව් ඔයිල් ටිකක් භාජනයකට දමා රත් වෙන විට ළුෑණු, සුදු ළුෑණු, ඉගුරු, කරපිංචා දමා බැදෙන්න හරින්න. එය රන්වන් පාටට බැදෙන විට අමු මිරිස්, තක්කාලි, දමා වතුර ටිකක්ද දමා අඩු ගින්දරේ ටිකක් තැම්බෙන්න දෙන්න. එයට සුප් කැටයද එකතු කරන්න. මෙය හොදින් උකු මිශ්‍රනයක් වෙනකන් ලිප තබා පසුව මෙයට ගම්මිරිස්, රස අනුව ලුණු, කෑලි මිරිස් ටිකක් දමා ගන්න. කැමති නම් සීනි චුට්ටක් දා ගන්න. හරි දැන් තියෙන්නේ අපි හදාගත්තු ස්පැගටි ටිකයි සෝස් එකයි කවලම් කරන්න. පසුව තම්බා ගත් ස්පැගටි ටිකට අපි හදා ගත්තු සෝස් මිශ්‍රරනයට දමා හොදින් කලවම් කරන්න. ඔන්න හදලා ඉවරයි. නිවෙන්න කලින් රස බලන්න කොහොමද කියලා.

 

ඒ වගේම කියන්න ඔනි දෙයක් තමයි තක්කාලි බ්‍රෙන්ඩර් කරන ගමන් සුදු ළුෑණු, බී ළුෑණු සුප් කැටය ඔක්කොම් දාලා එකට බ්‍රෙන්ඩර් කරන්න පුලුවන්. අමු මිරිස් ,කරපිංචා එකතු බ්‍රෙන්ඩර් කරන්න එපා. සුදු ළුෑණු හැපෙන්න කැමති අයට බ්‍රෙන්ඩර් කරන් නැතුව හීනියට කපා එකතු කර ගන්න පුලුවන් තව දෙයක් තමයි ප්‍රෙශ් ක්‍රීම් හා සීනි දාන්නම ඔනි නෑ. කැමති නම් එකතු කරගන්න පුලුවන්. ඒවා දාන්නේ නැතුව හැදුවත් රසයි කොහොමත්.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

770 Views

Comments

arrow-up