පැණි ආප්ප
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

පැණි ආප්ප

පැණි ආප්ප

පැණි ආප්ප කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික කෑම වර්ග අතරින් එකක්. නමුත් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ පුරුදු වෙලා ඉන්නේ පැණි ආප්ප කඩෙන් මිලදී ගන්න. එහෙම කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුක්තයි. ඒ වගේම මේ දවස් වල වෙළදපලෙන් ආහාර මිලදී ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වියයුතු නිසා හොඳම දේ තමයි තමන්ට අවශ්‍ය දේ නිවසේදීම සකස් කර ගන්න පුරුදු වෙන එක.

 

හැබැයි ලොකු පොඩි කවුරුත් ආස කරන පැණි ආප්ප නිවසේදී සකස් කරගන්න තියෙන ලොකුම ගැටලුව තමයි ඒ පිළිබඳ හරි රෙසිපි එකක් නැති එක. ඉතින් මේ සූදානම් වෙන්නේ ගෙදරදීම පිරිසිදුවට රසට පැණි ආප්ප කන්න කැමැත්තෙන් සිටියා නම් රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක් ඉදිරිපත් කරන්න. මෙය හරිම පහසුවෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් රසවත් ආහාරයක්.
 


අවශ්‍ය ද්‍රව්‍ය
 

  •  කැකුළු හාල් 350g
  •  පොල් කිරි
  •  රස අනුව පැණි
  •  ඊස්ට් තේ හැදි 1
  •  ආප්ප සෝඩා තේ හැඳි 1/4
  •  බිත්තර 4
  •  ලුණු ස්වල්පයක්


සකස් කරන ආකාරය


මුලින්ම කැකුළු සහල් සෝදා රැයක් පෙගෙන්නට තබන්න. පසුව හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා හාල් වැසෙන ප්‍රමාණයට පොල් කිරි දමා රස අනුව ලුණු සහ ඊස්ට් එකතුකර හොදින් බිලෙන්ඩර් කරගන්න. පසුව එය වෙනත් භාජනයකට පෙරනයකින් පෙරා ගන්න. පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩිනම් තවත් පොල් කිරි ටිකක් දමා කලවම් කර පැය 4ක් පමණ පිපෙන්න තබන්න. හොදින් වසා තබන්න. පැය 4ට පසුව බිත්තර එම මිශ්‍රණයට එකතු කරගන්න.

 

රස අනුව පැණි දආප්ප සෝඩා ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් ආප්ප උයාගන්න ආකාරයට මිශ්‍රණය ආප්ප තාච්චියට දමා තාච්චියේදීම ආප්පය බෑමට පෙර ආප්පය මැදට හකුරු හෝ පැණි ස්වල්පයක් දමා ආපය දෙකට නමාගන්න. පැණි වෙනුවට කුඩු කරගත් හකුරු හෝ සීනි ද යොදා ගත හැක. තද දුඹුරු පාටට අවශ්‍ය නම් සීනි කැරමල් ටිකක් එක්කර ගත හැකියි. ඉතින් හරිම පහසුවෙන් රසවත් පිරිසිදු පැණි අප ඔබට නිවසේදීම පිළියෙල කරගන්න පුළුවන්. මෙය තේ වේලාවට රසකැවිල්ලක් වගේම උදෑසන ආහාරයක් ලෙසත් එකතුකර ගත හැක. ඒ වගේම වාගේම ගුණදායි ආහාරයක් නිසා පුංචි දරුවන්ට ඉතාම සුදුසුයි. හොඳ පැණි රසට තියෙන නිසා ඒ අයත් ආසාවෙන් රස බලාවි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Interent

views

1511 Views

Comments

arrow-up