මයි ගුරාන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

මයි ගුරාන්

මයි ගුරාන්

අපි කොයි කවුරුත් අහලා තියන, හදලා තියන ඒ වගේම රස බලලත් තියෙන ආහාරයක් තමයි නාසිගුරන් කියන්නේ. ඉන්දුනීසියාවේ බහුලව පවතින දක්නට ලැබෙන එවැනිම ආහාරයක් තමයි මේ මයි ගුරාන් කියලා කියන්නේත්. නාසි ගුරාන් සඳහා අපි බත් යොදා ගන්නවා වගේම මයි ගුරාන් එක සඳහා අපි යොදාගන්නේ නූඩ්ල්ස්. ඉතින් හැමදාමත්ම එළවළු දාලා හදන නූඩ්ල්ස් එකට වඩා වෙනස් විදියක් උත්සහ කරලා බැලුවොත් නරකද ? මේ උත්සව සමයේ ඔබටත් පවුලේ හැමෝටමත් එකතු වෙලා රස විඳින්න පුළුවන් ඒ වගේම ඉතා පහසුවෙන් හා ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසපියක් වන මේ මයි ගුරාන් එක හදන ආකාරය අපි බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  කැරලි නූඩ්ල්ස් කොටස් 04 ක් ( මේ සඳහා ඔබට ප්‍රීමා හෝ මැගී නූඩ්ල්ස් භාවිතා කරන්න පුළුවන් )
  •  කුකුල් මස් ග්‍රෑම් 250 ක්
  •  ඉස්සන් ග්‍රෑම් 100 ක්
  •  ළූණු ග්‍රෑම් 100 ක්
  •  සුදු ළූණු ග්‍රෑම් 20 ක්
  •  සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 02 ක්
  •  සෝයා සෝස් හැඳි 01 ක්
  •  චිලී පේස්ට් තේ හැඳි 02 ක්
  •  ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
  •  සීනි ග්‍රෑම් 05 ක්
  •  ලුණු තේ හැඳි 1/2 ක්
  •  බිත්තර 02 ක්
  •  රම්පේ / කරපිංචා ස්වල්පයක්

 

 

සාදාගන්නා ආකාරය,

 

භාජනයකට නූඩ්ල්ස් කොටස් 04 දමා එය වැසෙන සේ ජලය දමන්න. දැන් මෙය විනාඩි 15 ක් පමණ හොඳින් පෙගෙන්නට තියන්න. චිකන් සහ ඉස්සන් හොඳින් සුද්ද කර සෝදා පිරිසිදු කරගන්න. දැන් මේ චිකන් හා ඉස්සන්ට ලුණු , ගම්මිරිස් අතගා විනාඩි 15 ක් පමණ තබා සීසන් කරගන්න. සිහින්ව ලියාගත් සුදු ළූණු , රම්පේ , කරපිංචා , ළූණු , අමුමිරිස් භාජනයකට දමා හොඳින් කලවම් කර මද ගින්දරේ රත් වන විට චිකන් හා ඉස්සන් ටික දමා හොඳින් කලවම් කරගන්න. කැමති නම් සුප් කැටයක්ද එකතු කරගත හැකියි. දැන් මෙය හොඳින් තැම්බෙන විට ඉතිරි අමුද්‍රව්‍යද දමා හොඳින් නැවතත් කලවම් කරගන්න. අවසානයේ ජලයේ පොගවාගත් නූඩ්ල්ස් ටික හොඳින් බේරාගෙන මිශ්‍රණයට එකතු කර ජලය හිදෙනතෙක් බෙරි නොවෙන ගානට සකසා ලිපෙන් බා. උණුවෙන්ම කෑම මේසයට පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

551 Views

Comments

arrow-up