රට ඉදි වලින් රස රෙසපි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

රට ඉදි වලින් රස රෙසපි

රට ඉදි වලින් රස රෙසපි

අද අපි අපේ ගෘහණියන්ට අරගෙන ආවේ රට ඉඳි වලින් හදාගන්න ඉතාමත් රසවත් රෙසපි කිහිපයක්. රට ඉඳි කියන්නේ ඉතාමත් ගුණදායික කෑමක් කියලා ඔයාලා දන්නවා ඇති. එහි ගුණාත්මක භාවය පිළිබඳව කථා කළොත් එහි කැලරි , කාබෝහයිඩ්‍රේට් , තන්තු , ප්‍රෝටීන , පොටෑසියම් , මැග්නීසියම් , කොපර් , මැන්ගනීස් , යකඩ සහ විටමින් B6 අන්තර්ගත වනවා. ඉතින් ඔයාලත් රට ඉඳි වලින් හදාගන්න මේ රසවත් රෙසපි කිහිපය හදලා පවුලේ අයත් එක්ක රස බලන්න.

 

> රට ඉඳි වයින් අවශ්‍ය ද්‍රව්‍ය,

 

 

  •  රට ඉඳි ග්‍රෑම් 500 ක්
  •  සීනි ග්‍රෑම් 400 ක්
  •  ඊස්ට් තේ හැඳි 1/2 ක්
  •  වතුර කෝප්ප 10 ක්
  •  සිට්ට්‍රික් ඇසිඩ් මේස හැඳි 1/2 ක් ( කැමතිනම් ඒ වෙනුවට දෙහි යුෂ මේස හැන්දක් එකතුකරන්න )

 

සාදාගන්නා ආකාරය,

 

ඊස්ට් තේ හැඳි 1/2 වතුර ස්වල්පයක දිය කරගෙන පසෙකින් තියන්න. ඉන්පසු රට ඉඳි ටික ඇට ඉවත් කරගෙන හොඳින් පොඩි කරගන්න. භාජනයක් ලිප තබා එයට වතුර සහ සීනි එකතු කර හොඳින් සීනි ටික දිය වෙනකම් හැදි ගාන්න. සීනි ටික දියවී වතුර ටික උතුරන විට එයට රට ඉඳි ටික එකතු කර නැවත හොඳින් හැඳිගාන්න. ටික වේලාවකට පසු මුලින් අපි දියකරගත් ඊස්ට් සහ සිට්ට්‍රික් ඇසිඩ් හෝ දෙහි යුෂ ටිකත් එකතු කරගන්න. දිනකට වරක් හෝ දෙවරක් හැඳිගාමින් සතියක් පමණ කාලයක් වසා තබා හොඳින් පෙරාගන්න.

 

> රට ඉඳි චට්නි

 

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  රට ඉඳි ග්‍රෑම් 250 ක්
  •  රස අනුව ලුණු ස්වල්පයක්
  •  සීනි ග්‍රෑම් 75 ක්
  •  කෑලි මිරිස් ස්වල්පයක්
  •  සුදු ළූණු බික් 02 ක්
  •  ඉගුරු සවල්පයක්
  •  විනාකිරි බෝතලෙන් කාලක්

 

සාදාගන්නා ආකාරය,

 

සීනි සහ රට ඉඳි හැර අනෙකුත් සියළුම අමුද්‍රව්‍ය විනාකිරි සමඟ හොඳින් අඹරාගන්න. ඉන්පසු රට ඉඳි ඇට ඉවත් කර අඹරාගන්න. භාජනයක් ලිප තබා එයට සීනි , විනාකිරි සමඟ අඹරාගත් අමුද්‍රව්‍ය සහ අඹරාගත් රට ඉඳි දමා ඝන මිශ්‍රණයක් එනතුරු මඳ ගින්නේ පිසගන්න.

 

> රට ඉඳි සෝස්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  රට ඉඳි ග්‍රෑම් 300 ක්
  •  ඉගුරු සවල්පයක්
  •  සුදු ළූණු ස්වල්පයක්
  •  සීනි මේස හැඳි 07 ක්
  •  මිරිස් කුඩු ස්වල්පයක්
  •  විනාකිරි කෝප්ප 03 ක්
  •  සාදාගත් ලුණු දෙහි ස්වල්පයක්

 

සාදාගන්නා ආකාරය,

 

රට ඉඳි ටික ඇට ඉවත් කර හොඳින් අඹරාගන්න. භාජනයක් ලිප තබා එයට සියළුම අමුද්‍රව්‍ය එකතු කරගෙන හොඳින් උතුරන විට කලින් අඹරාගත් රට ඉඳි ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගෙන පිරිසිදු තෙතමනය නැති බෝතලයකට දමා අවශ්‍ය වේලාවට භාවිතා කරන්න ශීතකරණයේ තබා ගන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1040 Views

Comments

arrow-up