චොකලට් ට්‍රෆල්ස් - chocolate truffles
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

චොකලට් ට්‍රෆල්ස් - chocolate truffles

චොකලට් ට්‍රෆල්ස් - chocolate truffles

මෙම කුඩා පිටි රහිත චොකලට් ටෝර්ට් සෑදීම හරිම පහසුයි. ඔබ කැමති නම්, මෙහි උඩට අයිස්ක්‍රීම් හැන්දකින් ස්වල්පයක් එක් කරගැනීමෙන් රසය වැඩි වන අතරම, බිත්තර සුදු මදය ඕනවාට වඩා බීට් කරගන්නත් එපා කියලා අපි මතක් කරනවා. මෙම රෙසපිය 12 දෙනෙකුට ප්‍රමාණවත්. ඉතින් ඔයාලට මේ ප්‍රමාණවල් වලින් අඩක් ගෙන අත්හදා බලන්නටත් පුළුවන්. මෙන්න චොක්ලට් රස ට්‍රෆල්ස් රෙසපිය.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •   ලුණු රහිත බටර් කෝප්පයක්
  •  මාගරින් කෝප්ප 1/2 ක්
  •  චොකලට් කෝප්ප ක්
  •  චොකලට් චිප්ස් කොප්ප 1½ ( කුඩාවට කපා)
  •  ලොකු ප්‍රමාණයේ බිත්තර 3ක්
  •  අයිස්ක්‍රීම් හැන්දක්
  •  බෙරි ගෙඩි 24 ක් ( මෙයට කජු කැබලි කපා භාවිතා කරන්නත් පුළුවන් )
  •  චොකලට් ෆජ් ෆ්‍රොස්ටින් කෝප්ප 4ක් ( සුපර්මාර්කට් වලින් ලබා ගත හැකියි) වයිට් චොකලට් ස්වල්පයක්

 

 

සාදන ආකාරය,

 

මුලින්ම 320°F වලට පෙර රත් කරගත් ඔවන් එකක මැද රැක් එකක් තබා ගන්න. භාජනයක මධ්‍යම ගින්දරේ බටර් හා මාගරින් ටික දිය කරගන්න. දිය වුණු පසු ලිපෙන් බාගෙන චොකලට් ටික එයට දමා ස්පැටියුලා එකක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න. දැන් මෙයට වෙන් කටගත් බිත්තර කහ මද ටික දමා හොඳින් නැවතත් කලවම් කර පසෙකින් තබන්න. වියළි පිරිසිදු භාජනයකට බිත්තර සුදු මද ටික දමා හොඳින් පුළුන් වගේ වෙනතුරු බීට් කරගන්න. අපි පෙර කිවු පරිදී ඕනවාට වඩා වේලාවක් බීට් කරගන්නත් එපා. දැන් පෙර සාදාගත් චොකලට් මිශ්‍රණය දමා ස්පැටියුලා එකින්ම හොදින් පෙරල පෙරල කලවම් කරගන්න. කප් කේක් ට්‍රේ එකක කොටස් වල බටර් තවරා මේ මිශ්‍රණය එම කොටස් පිරෙන තුරු දමාගන්න.

 

 

දැන් මෙම ට්‍රෆල්ස් හොදින් බේක් කරගන්න. මේවාගේ උඩ කොටස මදක් පුපුරන විට ට්‍රේ එක ඔවන් එකෙන් එලියට ගෙන සම්පූර්ණයෙන්ම නිවෙන තුරු තබන්න. මේවා ට්‍රේ එකෙන් ගලවා ගන්න. ශීතකරණයේ මද වේලාවක් තැබීමෙන්ද මෙම ට්‍රෆල්ස් ගැලවීමට පහසු වෙනවා. අයිස්ක්‍රීම් වලින් උඩින් වසා බෙරි ගෙඩි දෙකට කපා තබාගන්න. අයිසින් බෑග් එකකට ෆ්‍රොස්ටින් දමා නො. 32 නොසලය භාවිතා කර උඩින් වසා සරසන්න. අවසානයේදී වයිට් චොකලට් දිය කර නූලක ආකාරයෙන් සියළුම ට්‍රෆල්ස් උඩට වත් කර කෑමට ගන්න. කැමති නම් ශීතකරණයේ තබා කෑමට ගන්නටත් පුළුවන්.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

615 Views

Comments

arrow-up