11 ශ්‍රේණිය විද්‍යාව : මුඛ කුහරය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

11 ශ්‍රේණිය විද්‍යාව : මුඛ කුහරය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය

11 ශ්‍රේණිය විද්‍යාව : මුඛ කුහරය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය

විද්‍යාව පාඩම් මාලාව හා සම්බන්ධ ලිපි තුළ අපි කතා කල් එක් මාතෘකාවක් වූයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳවයි එහි දී ජීර්ණය සිදුවන ක්‍රියාවලි ප්‍රධාන අවයව තුනක් ඔස්සේ මූලික වශයෙන් සිදු වන බව ඔබ දන්නවා ඇති .එයින් මුඛ කුහරය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව මෙම ලිපිය තුළ තුළ වැඩි දුරටත් කතා කරනු ලබනවා

මුඛ කුහරය පිලිබඳව කතා කිරීමේදී මුඛ කුහරය බාහිරයට විවෘත වන දොරටුව මුඛයයි .ඉහළින් හා පහළින් මාංසල තොල් සගලකින් වටවී ඇති අතර මුඛ කුහරය සෑදී ඇත්තේ උඩු හා යටි හනු වලිනි.යටි හනුව පමණක් චලනය කළ හැකි අතර හනු දෙකෙහිම දත් පිහිටා තිබේ .මුඛ කුහරය කම්මුල් වලින් වටවී පවතින අතර මුඛ කුහරය තුළ පිටුපසින් පත්ලට සවි වූ දිවක් ඇත .මුඛ කුහරයට ඛේට ග්‍රන්ථි යුගල තුනකින් ඛේටය ස්‍රාවය වෙයි දිව ආහාර වල රස හඳුනා ගන්නා අතර ආහාර ඛේටය සමග මිශ්‍ර කිරීමටත් ආහාර ගිලීම්ටත් උදව් වෙයි.

දත් වලින් විකා අඹරන ලද ආහාර මුඛ කුහරය තුළ දී ඛේටය සමග මිශ්‍ර වෙයි .ඛේටයේ ඇති ඛේට ඇමයිලේස්(ටයලින් ) නමැති එන්සයිමය ආහාරයේ ඇති පිෂ්ඨය මත සුළු වශයෙන් ක්‍රියාත්මක වී මෝල්ටෝස් බවට හරවා ජීර්ණ ක්‍රියාව ආරම්භ කරයි .සාමාන්‍යයෙන් ආහාරයක් අනුභවයෙන් ටික වේලාවකට පසු මුඛය තුළ තබා ගෙන සපමින් සිටින විට පැණි රසක් දැනෙන්නෙ මේ නිසායි .

මුඛ කුහරය තුළ දී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර ගුලියක් ලෙස සකස් වී මුඛ කුහරයේ අපර කොටසට තල්ලු වෙයි .ඉන්පසු මුඛ කුහරයට අපරව ඇති ග්‍රසනිකාවට තල්ලු වෙයි.ග්‍රසනිකාව යනු ආහාර මාර්ගයට අයත් අන්නස්‍රෝතයත් ශ්වසන මාර්ගයට අයත් ශ්වාසනාලයටත් විවෘත වන පොදු කුටීරයයි.

ශ්වසනනාල ද්වාරය ආරම්භයේ චලනය විය හැකි අවයවයක් වන අපිජීහ්විකාව නම් කුඩා පිධානයක් පිහිටා තිබෙනවා ආහාර ගුලිය ගිලින විට අපිජීහ්විකාව මගින් ශ්වසනාලය ද්වාරය වැසේ එවිට ආහාර ගුලිය ස්වසනාලය ට ඇතුළු නොවී අන්නස්‍රෝතයට ඇතුළු වීම සිදු වෙනවා .

සමහර අවස්ථාවල අපි ආහාර ගැනීමේදී පිට උගුරේ යාම සිදුවන්නෙ ආහාර ගිල දැමීමේ දී අපිජීහ්විකාව මගින් ශ්වසනනාල ද්වාරය නොවැසී ස්වසනාලයට ඇතුළු වීම නිසයි.

 



ආහාර අන්නස්‍රෝතය ට ඇතුළු නොවී ග්‍රසනිකාව තුළ සිරවීමෙන් පුද්ගලයින් මරණයට පත් වූ අවස්ථාද තිබෙනවා ආහාර හෝ ජලය ග්‍රසනිකාවේ හිරවූ විට අපිජීහ්විකාව මගින් ශ්වසනනාලය දිගටම වැසී පැවතීම ඊට හේතුවයි .ආහාර ගුලිය වහාම ඉවත් නොකළහොත් ස්වසන මාර්ගය අවහිර වීම නිසා පුද්ගලයා මේ යාමට ඉඩ තිබෙනවා.

අන්නස්‍රෝතය පිළිබඳව කතා කිරීමේ දී එය හැකිලීවී පවතින නාලයකි.අන්නශ්‍රෝතය දිගේ ආහාර ගුණය ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේය අන්නස්‍රෝතය පේශිමය ව්‍යුහයක් බැවින් එහි බිත්ති හැකිලීම් හා මහත් වීම් නිසා එහි ඇති වන ක්‍රමාකුංචන තරංග ආහාර ගුලිය ඉදිරියටත් අඩු කිරීමට අවශ්‍ය තෙරපුම සපයයි .මෙම ක්‍රමාකුංචනය මගින් ආහාර අන්නස්‍රෝතයේ සිට ආමාශය තුළට ගමන් කරනු ලබයි.

මේ අයුරින් මුඛ කුහරය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය සිදුවන අතර ඉදිරි ලිපි තුළ දී ආමාශය තුල මෙන්ම ක්ෂුද්‍රාන්තය තුලදි සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව කතා කරමු .

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3393 Views

Comments

arrow-up